එළිපිට හෝ රහසින් වත් පව් නොකරමු | වස්සානයෙන් ඇරඹි ධර්ම දේශනා අනුරාධපුර 07 2017-08-23T10:27:42+00:00

Project Description

එළිපිට හෝ රහසින් වත් පව් නොකරමු | වස්සානයෙන් ඇරඹි ධර්ම දේශනා අනුරාධපුර 07

ශ්‍රද්ධාවන්ත පින්වත්නි,

මේ පින්වතුන්ට අද කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ සංයුත්ත නිකාය පළමු වෙනි පොත් වහන්සේට අයිති දේශණාවක්. මේ දේශණාව එක්තරා ස්වාමීන් වහන්සේ නමක් අරමුණු කරගෙන කරපු දේශණාවක්. මේ දවස් වල බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සැවැත්නුවර ජේතවනාරාමයේ. එක්තරා උපාසිකාවකගේ පුතෙක් පැවැදිවෙලා හිටියා. මෙන්න මේ උපාසිකාවගේ පුතාගේ පැවිදි නම සානු ස්වාමීන් වහන්සේ. මෙන්න මේ සානු කියන සාමණේරයන් වහන්සේ පැවිදිවෙලා ඉන්න කොට දවසක් මේ අම්මා පුතාව බලන්න එනවා. ඒ සිද්ධියක් එක්ක වෙච්ච කාරණාවක් තමයි පැහැදිලි කරන්නේ. මේ දේශණාවේ නම තමයි සානු සූත්‍රය. සානු නම් වූ සාමණේරයන් වහන්සේට පුවසූ දේශණාව. මේ උපාසිකාවකගේ සානු කියන සාමණේරයන් වහන්සේ වැඩ ඉන්න තැනට මේ උපාසිකාව ඇවිත් ස්වාමීන් වහන්සේව මුණ ගැහෙනවා.

මූණ ගැහිලා කතා බස් කරමින් ඉන්න කොට මේ සාවාමීන් වහන්සේට අමුනුස්සයෙක් වැහෙනවා. මල ගිය ඥාතියෙක් ඇගට වැහෙනවා. වැහිලා මොනවහරි ටික්ක මේ අම්මට කියනවා. කිව්වට පස්සේ සාමනේරයන් වහන්සේගේ ඇගෙන් අර අමුනුස්සයා ඉවත් වෙනවා. ඉවත් වුනාට පස්සේ මොකද වෙන්නේ. ඒ සාමනේරයන් වහන්සේ දකිනවා ඒ අම්මා අඩනවා. ඒ අඩන වෙලාවේ සාමනේරයන් වහන්සේ අම්මා එක්ක කරන සාකච්ඡාවක් තමයි මේ දේශණාවේ තියෙන්නේ.  මේ අඩන අම්මා මෙන්න මේ ගාථාව කියනවා. තුදුස්වකටත්, පසොලොස්වකටත්, අඩමසක් පාසා අටවකටත්, සඳ නැගෙන කාලෙටත් කියන සතර පෝයට යම් කෙනෙක් අෂ්ඨාංග උපෝසථය සමාදන් වෙලා ඉන්නවා නම්, බ්‍රහ්මචාරීව ඉන්නවා නම් කෙනෙක් ඒ උදවිය සමග යක්ෂයෝ සෙල්ලමට යන්නේ නෑ කියනවා.

සතර පෝයටම කවුරු සිල් ගන්නවා නම්, බ්‍රහ්මචාරීව ජීවත් වෙනවා නම් අන්න ඒ අයට යක්ෂයෝ වැහෙන්නේ නෑ කියනවා. එහෙනම් ඔය අමුනුෂ්‍යයෝ වැහෙන්නේ කාටද? යක්ෂයෝ සෙල්ලම් දාන්නේ කාටද? ඒකේ තේරුම තමයි එහෙම වෙන්නේ පෝයට සිල් සමාදන් වෙන්නේ නැති අයට. අපි හරියට සිල් සමාදන් වෙන්න ඕන. සමහරු සිල් සමාදන් වෙන්නේ අම්මා කියනවට, සමහරු තාත්තා කියනවට සමහරු පවුල රැක ගන්න ඕනකමට සිල් සමාදන් වෙනවා. බිරින්දෑව කරදර කරනවට සිල්සමාදන් වෙන ස්වාමීපුරුෂයා සිල් ගන්න ආවොත් ඇත්තටම බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීමෙන්, ධර්මය ගැන පැහැදීමෙන්, සංඝයා ගැන පැහැදීමෙන්, පෝයට උපෝසථය සමාදන් වෙන්න ඔනෑ කියලා මහා ගෞරවයකින්ද එන්නේ? එහෙම නැත්තම් අර බලපෑමටද එන්නේ? ඒ බලපෑමට ආවොත් ඒ කෙනා අවංකවම සිල් ගන්නේ නෑ.

වස්සාන ධර්ම දේශනා මුල් පිටුවට

එළිපිට හෝ රහසින් වත් පව් නොකරමු | වස්සානයෙන් ඇරඹි ධර්ම දේශනා අනුරාධපුර 07

Youtube link

Leave A Comment