ශ්‍රද්ධා ආපදා සහන ව්‍යාපෘතිය | කළුතර බුලත්සිංහල 2017-06-03T13:29:58+00:00

Project Description

ශ්‍රද්ධා ආපදා සහන ව්‍යාපෘතිය | කළුතර බුලත්සිංහල

අයහපත් කාළගුණ තත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රීක්ක පහලොවකට තදින්ම බලපා තිබෙන ආපදා තත්වය හේතුවෙන් විපතට පත්ව සිටින ලක්ෂ පහකට අධික අපේම සහෝදර ජනතාවගෙන් පිරිසකට හෝ උපකාර කිරීමට ඊයේ දිනයේ අප කණ්ඩායමට අවස්ථාව උදා වුනා.

ඒ අනුව මහමෙව්නා භාවනා අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේලාගේ අනුශාසනා හා සහභාගීත්වයෙන් යුතුව පින්වත් ඔබ ලබාදුන් සියළු පරිත්‍යාගයන් පිහිටක් සරණක් අවැසි ඔවුන් වෙනුවෙන් ලබාදෙන්ට අපට ඊයේ දිනයේ හැකියාව ලැබුනා.

කළුතර දිස්ත්‍රීක්කයේ බුලත්සිංහල ප්‍රාදේශීය ලේඛම් කොට්ඨාසයට අයත් ගම්මානවල විපතට පත් ජනතාවට වියළි ආහාර, බෙහෙත් ද්‍රව්‍ය, පානීය ජලය ඇතුළු අත්‍යවශ්‍ය අනෙකුත් බොහෝ ද්‍රව්‍ය ඒ අනුව බෙදා දෙනු ලැබුවා. මේ අනුව කාරුණික හදවත් ඇති ඔබෙන් ලද සියළු පරිත්‍යාග එකී ජනතාවට ලබාදෙන්නට ත්‍රිවිධ හමුදාවෙන් ලද සහයෝගයද අතිශය ප්‍රශංසනීයයි.

Leave A Comment