පුංචි හදට සුවය දෙන්න මනුෂ්‍යත්වයේ පා ගමන – 2017-04-29 2017-05-02T09:23:16+00:00

Project Description

පුංචි හදට සුවය දෙන්න මනුෂ්‍යත්වයේ පා ගමන – 2017-04-29

අප මාතෘ භූමියේ වසරකට උපදින දරුවන් අතුරින් 3000 ක් පමණ දෙනා මෙලොව එළිය දකින්නේ හෘදාශ්‍රිත රෝග සහ තවත් දැඩි රෝග සහිතවයි. නමුත් මේ වන විට ළමා රෝහලේ පවතින පහසුකම් අනුව වසරකට සිදු කළ හැක්කේ හෘද සැත්කම් 1600 ක් පමණි. ඒ නිසා ප්‍රතිකාර නොමැතිව මියයන 1500-1600 ක් පමණ වන දරුවන්ගේ ජීවිත සුරක්ෂිත කරනු පිණිස ළමා රෝහලට අනුබද්ධව ඉදිකිරීමට යෝජිත මහල් 10 කින් යුතු අංගසම්පූර්ණ රෝහල් පරිශ්‍රය තනවනු පිණිස අවශ්‍ය අරමුදල් රැස් කිරීමේ පා ගමනක් 2017-04-29 වන දින මාලඹේ නගරය කෙන්ද්‍ර කරගනිමින් කඩුවෙල, අතුරුගිරිය, බත්තරමුල්ල, කෝට්ටේ, රාජගිරිය යන නගරයන් හී දී පැවැත්විය. මහමෙව්නාව භාවනා අසපුවත් ශ්‍රද්ධා රූපවාහිනියත් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයත් (SLIIT), සංවිධානය කරනු ලැබූ මෙම මනුෂ්‍යත්වයේ සත්කාරය සඳහා ගෞරවනීය අනුශාසකත්වය දැක් වූ පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ ඇතුළු මහමෙව්නාවාසී පින්වත් ස්වාමීන් වහන්සේලාට ද, ලංකාවාසී ලෝකවාසී සියලූම පින්වත් ස්වාමීන් වහන්සේලාට ද, අනගාරිකා මෑණිවරුන්ට ද , පැවිදි අපේක්ෂක දරුවන්ට ද, ශ්‍රී ලංකා පොලීසියේ පොලිස්පති තැන්පත් පූජිත් ජයසුන්දර මැතිඳුන්ට ද, ජාත්‍යන්තර මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව මහතාට ද, ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ කුලපති තැන්පත් මාහාචාර්ය එල්.එල්. රත්නායක මැතිතුමා සහ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ උප කුලපති තැන්පත් මහාචාර්ය ලලිත් ගමගේ මැතිතුමාට ද, ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ ආචාර්ය මණ්ඩලයට ද, සහභාගී වූ සියලු දරුවන්ට ද, නන් අයුරින් උදව් උපකාර කළ සියලූම පින්වතුන්ට ද දැකබලා අනුමෝදන් වන ඔබ සැමට ද උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිස මේ පින් හේතු වාසනා වේවා!

Leave A Comment