සෝතාපන්න ශ්‍රාවකයෙකුගේ ලක්ෂණ | Wassana Dharma sakachcha 03 2017-02-18T14:32:45+00:00

Project Description

සෝතාපන්න ශ්‍රාවකයෙකුගේ ලක්ෂණ  | Wassana Dharma sakachcha 03

ශ්‍රද්ධාවන්ත පින්වත්නි,

අපගේ  බුදුරජාණන් වහන්සේ සෝතාපන්න වෙන්න ගිහි ශ්‍රාවකයන්ටත් පුළුවන් කිව්වා. පැවැදි ශ්‍රාවකයන්ටත් පුලුවන් කිව්වා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය පැවිදි අයට විතරක් අදාළ දෙයක් නෙවෙයි. ගිහියන්ට විතරක් අදාල දෙයකුත් නෙවෙයි. ඒ දෙගොල්ලන්ටම සතර අපායෙන් නිදහස් වෙන්න කියපු මගක් තියෙන්නේ. ඉතින් ඒ නිසා ගිහි ජීවිතේ ගත කරන කෙනෙක්ට මන්දෝත්සාහී වුනොත් බෑ. සෝතාපන්න වෙන්න බලවත් වුවමනාවක් තියෙන්න ඕන. දැන් බුදුරජාණන් වහන්සේ වදාළා කෙනෙක් ධර්මය අහන කොට ඒ අහන කෙනා තුල තියෙන්න ඕන පළවෙනි ලක්ෂණයක් තියෙන්න ඕන. ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්න අපට ආසාවක් තියෙන්න ඕන. බුදුරජාණන් වහන්සේගේ කාළේ ඒ අසාව මිනිස්සු තුල භාග්‍යවතුන් වහන්සෙගේ ගුණ අහන කොට ඇති වුනා.සෝතාපන්න ශ්‍රාවකයෙකුගේ ලක්ෂණ

දැන් අපි අහලා තියෙනවා සූත්‍ර දේශණා වල බුදුරජාණන් වහන්සේ වඩින කොට ඒ ඒ පළාත් වල මිනිස්සු කතා කරන්න ගන්නවා. අන්න අපේ ගමට ශාක්‍ය කුලෙන් නික්මෙච්ච ශ්‍රමණ ගෞතමයන් වහන්සේ වැඩලා. උන්වහන්සේගේ මෙහෙම කීර්ති රාවයක් පැතිරිලා යනවා. ඒ බුදුරජාණන් වහන්සේට රාගය නැහැලු. ද්වේෂය නැහැලු. මෝහය නැහැලු. හරි පුදුමයි ඒ කාළේ. අපි එච්චර පුදුම වෙන්නේ නෑනේ මේ කාළේ. බුදුරජාණන් වහන්සේට රාග ද්වේෂ මෝහ නෑ කිව්වම මේ කාළේ අපිට ඒකේ පුදුමයක්, අරුමයක් හිතට යන්නේ නෑ. හැබැයි ඒ කාළේ මිනිස්සුන්ට එහෙම නෑ. බුදුරජානන් වහන්සේ වැඩියා කිව්වම හරී පුදුමයි. ඒ පුදුමේ විස්තර කරනවා දේශණාව අවසානේ. ආශ්චර්යයි ස්වාමීනි, අද්භූතයි ස්වාමීනී කියලා තමයි ඒ පුදුමේ ප්‍රකාශ කරන්නේ.

එතකොට බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ අහන කොට එයා පුදුමයට පත්වෙනවා, විශ්මයට පත්වෙනවා. ඒ විශ්මයට පත්වීමත් එක්ක එයාට හරි සතුටක් ඇතිවෙනවා. එහෙනම් මේ වගේ බුදු කෙනෙක් දකින්න යන එක කොච්චර වටිනවද කියලා. ඒ වගේ බුදු කෙනෙක්ගේ බණ අහන්න තියෙනවා නම් කොච්චර එකක්ද කියලා. අන්න ඒ කැමැත්ත සතුට එයාට උපදිනවා. ඒ සතුටින් තමයි ඊටපස්සේ යන්නේ. ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ ධර්ම දේශණා කරලා ඉවර වෙනකොට, එතන ඉන්න අය සතාර අපායෙන් නිදහස් වෙනවා. එතකොට පළවෙනි ලක්ෂණය බොහෝ දෙනෙක්ට නෑ. ධර්මය අහන්න ආසාවක් නෑ. ධර්මය අහන්න කැමැත්තක් නෑ. ඒ අය තමයි බොහෝ වෙලාවට කියන්නේ අපිට සතර අපායෙන් නිදහස් වෙන්න පුලුවන් වෙයිද දන්නේ නෑ? බැරිවෙයිද දන්නේ නෑ?. සෝතාපන්න වුනොත් හරි වැඩේ වෙන්නේ. ගිහි ජීවිතේ ගත කරන්න බැරිවෙයිද දන්නේ නෑ කියලා හිතනවා. සෝතාපන්න වෙනවා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ගුණ හොදට දැනගෙන විස්මයට පත්වෙලා බුදුරජාණන් වහන්සේ ගැන නොසෙල්වෙන ප්‍රසාදය ඇති කරගන්න එක.සෝතාපන්න ශ්‍රාවකයෙකුගේ ලක්ෂණ

අසිරිමත් දමසක මුල් පිටුවට

Youtube link

2 Comments

  1. Sasani August 23, 2017 at 11:32 pm - Reply

    Namo Buddhaya All

    Could you please kindly up lord last year (2016) wassana Darma Deshana (Arrya Ashtaingika Margaya) and Budu Suwanda from 1- 20 programmes.

    Namo Buddhaya

Leave A Comment