Project Description

Stress | මානසික ආතතිය | සුව අරණ

අපිට ආදරය නැති වුණොතින්, අම්මගේ ආදරය දරුවන්ට නැත්නම්, තාත්තගේ ආදරය දරුවන්ට නැත්නම්, තමන් කැමති කෙනාගේ ආදරය තමන්ට නැත්නම්, අපි ආදරය කරන දේ අපිට නොලැබෙනවා නම්, අපි බලාපොරොත්තු වෙන දේ නොලැබෙනවා නම්, අපිට බොහෝ වෙලාවට ආතතිය නැත්නම් මේ විශාදය වැළදෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ආතතිය වැළදෙන්න පුළුවන්. එහෙම අවස්ථාවන් ගොඩක් තියෙනවා. මොකද අපි හිතේ හිර කරගෙන ඉන්නවා. ඒ එක් අවස්ථාවක් පමණයි. Stress

දැන් එතකොට අපි හිතමු කාර්යාලයක වැඩ කරන කෙනෙක් නම්, සමහර වෙලාවට අපි උපරිමයට වැඩ කරනවා. මොකද වැටුප් ලබන්න ඕන, ජීවත් වෙන්න ඕන. ඉතින් අපි අනිවාර්යෙන්ම බොහොම කැපවෙලා වැඩ කරනවා. දැන් එහෙම කරාට පස්සේ, මොකද කරන්නෙ. ඔන්න ගෙදර එනවා. ගෙදර ආව ගමන් උයන්න ඕන, පිහන්න ඕන. තමන්ගේ රෙදි පිළි හෝද ගන්න ඕන. බණ පදයක් අහන්න වෙලාවක් නෑ. භාවනාවක් කරන්න වෙලාවක් නෑ. ඇවිදින්න වෙලාවක් නෑ. යාළුවෙක් එක්ක කථා කරන්න වෙලාවන් නෑ. ගෙදර අඹු සැමියො නම් දරුවෙක් එක්ක කතා කරන්න වෙලාවක් නෑ. ඔන්න ඔය හේතු නිසා, මානසික ආතතිය එනවා. මොකද රාජකාරිය, දේවකාරියට වඩා ඉහලින් කරනවා. ඒක හරි. නමුත් ඒක නෙමෙයි අපේ ජීවිතේ කියන්නේ. Stress 

ඒ තවත් අවස්ථාවක්, සමහර වෙලාවට ගෙදර වැඩ වල ඉවරයක් නෑ. උයනවා පිහනවා, වළං හෝදනවා, පිගං හෝදනවා එහෙම එකක් තියෙනවා. සමහර අවස්ථාවන් මට හම්බ වෙලා තියෙනවා. පොල් ගෙඩියත් සබන් දාලා හෝදනවා. එහෙම හෝදලා අරන් තමයි ඒක ගන්නේ. අත් දෙක වැඩිපුර සබන් දාලා සෝදනවා. සෝදනවා සෝදනවා දවසට සිය වතාවක් විතර අත් දෙක සබන් දාලා සෝදනවා. ඒ වගේ විවිධ ක්‍රියාකාරකම් වුවමනාවට වඩා කරනවා. හිතේ සැකය ඇති වෙනවා. එතකොට අනිත් අය දිහා බලන්නේ “ අර මට තමයි මොකක් හරි කියන්නෙ කියලා කවුරු හරි ගෙදර කතා කරනවා ඇහුනොත් එහෙම හිතෙනවා.

සමහර විට එයා මනෝමය චිත්‍ර මවා ගන්නවා. මවාගෙන, ඒක මෙහෙමයි, අරක මෙහෙමයි කියලා එහෙම කියනවා. ඒකත් ආතතියේ කොටසක්. දැන් මේ වගේ අවස්ථාවක අපි මොකද කරන්නේ? ඇයි මානසික ආතතිය ඇති වෙන්නේ?. දැන් අර කියපු කාරණාවල් හොදින මතක තියාගන්න ඕන. මානසික සුවය අත්‍යවශ්‍යයමයි. ඕනෑම කෙනෙකුට අපි දන්නවා භාවනාව වුනත් අනවශ්‍යය විදියට කරන්න අපේ මනස ව්‍යාකූළ වෙනවා. භාවනාව ඉතාම වැදගත් ඖෂධයක් තමයි, මේ මානසික ආතතියට.

සුව අරණ මුල් පිටුවට

images: Google