2017 වෙසක් පොහෝ දින ධර්ම දේශණය 2017-05-25T15:16:08+00:00

Project Description

වෙසක් පොහෝ දින ලොව දිනු මුනිදාණෝ  | 2017 වෙසක් පොහෝ දින ධර්ම දේශණය

ශ්‍රද්ධාවන්ත පින්වත්නි,

අප සියළු දෙනා අද මේ මහමෙව්නා භාවනා අසපු දම්සක් මන්දිරයට එකතු වුනේ අපේ බුදුරජාණන් වහන්සේගේ ත්‍රිවිධ මංගල්‍යය නිසා. අපේ බුදුරජාණන් වහන්සේ අද වගේ දවසක මේ මිනිස් ලෝකේ උපන්නා. ඒ වගේම අද වගේ දවසක උන්වහන්සේ ශ්‍රී සම්බුද්ධත්වයට පත් වුනා. ඒ වගේම අද වගේ දවසක උන්වහන්සේ අපට නැතුව ගියා. උන්වහන්සේ පිරිනිවන්පාපු දවසත් අද. ඉතින් ඒ බුදුරජාණන් වහන්සේ පහළ වුනු නිසා අපිට උන්වහන්සේ සරණ යන්න ලැබුණා. බුදුරජාණන් වහන්සේ අපි වගේම කලින් සංසාරේ ඇවිද ඇවිද ගියපු කෙනෙක්. හැබැයි උන්වහන්සේට තිබුණා අපි කාටවත් නැති දෙයක්. ඒ තමයි මහා වීරියකුයි, මහා නුවණකුයි.

ඒ මහා වීරියයි, මහා නුවණයි නිසා මීට අසංඛෙයිය කල්ප විස්සකට පෙර උන්වහන්සේ වෙළදාමේ ගිය අවස්ථාවේ මුහුදු ගමනේ නැව කැඩුනා. ඊට පස්සේ තමන්ගේ මෑණියන් කරේ තියාගෙන උන්වහන්සේ පීනා ගෙන ගියා මහා සාගරයේ. කොණක් පොටක් නැති සාගරයේ දැක්ක ගමන් මනුස්සයකුගේ වීරිය ඉතුරු වෙයිද? වීරිය නැති වෙයිද? සීරිපාදේ දැකපු ගමන් අනේ මට නම් මේකේ යන්න බෑ කියලා වීරිය නැති වෙන මිනිස්සුන්ට, සීරීපාදේ මුදුණ දැක්ක ගමන් කී දෙනෙක් කියනවද පහල ඉදන් ‘හප්පේ මට නම් යන්න බෑ කියනවා ‘ එහෙම බෑ කියලා හඩා වැටෙන ලෝකේ කාත් කවුරුවත් නැතිව මව් කර තියාගෙන සටන දුන්නා. උන්වහන්සේ ඒ මව් කර තියාගෙන යද්දි සාමාන්‍ය මනුස්සයන්ට දැනෙන්නේ නැති දෙයක් සක් දෙවිඳුට දැනුනා. බ්‍රහ්ම රාජයින්ට දැනුනා මේන් ඉන්නවා ලෝක සත්වයාව එතෙර කරන්න පුලුවන් කෙනෙක් කියලා අදුනා ගත්තා.

ඒ විදියට වීරියක් තියෙන්නත් මොකාක් හරි සංසාරේ පිනක් තියෙන්න ඕන. එතකොට ඒ තරුණයා මව් කර තියාගෙන යද්දි දේවානුභාවයෙන් තමයි ගොඩට ආවේ. ඊට පස්සේ දෙවිවරු තමයි ඉස්සෙල්ලාම කිව්වේ අනේ මේ ලෝකය වීරියවන්තයන්ගෙන හිස්. මේ ලෝකය නුවණැත්තන්ගෙන් හිස්. පුලුවන් නම් මේ සත්වයාව ගොඩ දමන්න බුදුබව ලබන්න කියලා. එතකොට ඒක නිකන් අපි හිතා මතාම අනේ මට බුදු බව ලැබෙන්න කියලා කරන ලාමක එකක් නෙමෙයි. අද ලෝකයේ නැද්ද චුට්ටක් එහේ මෙහේ වෙනකොට අනේ බුදු වෙන්ට ලැබේවා කියලා කියාගන්න අය. ඒවා ළාමක කතා. ඒක එහෙම ලබන්න පුලුවන් දෙයක් නෙමෙයි. සමහරු කියනවා මව්ගෙන් ඉස්සෙල්ලම ලැබුණේ පුතේ බුදු වේවා කියලා. එහෙම පුතුන්ට ලැබෙනවා නම්  අම්මලාට දරුවන් සලකන කොට අම්මලා පුතාලට කියන්නේ නැද්ද ඕක. එහෙම නම් ඔක්කොටම ලැබෙන්න එපාය. එහෙම වෙන්නේ නෑ,

පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් පවත්වනු ලැබූ ධර්ම දේශණා

වෙසක් පොහෝ දින ලොව දිනු මුනිදාණෝ  | 2017 වෙසක් පොහෝ දින ධර්ම දේශණය

වෙසක් පොහෝ දින ලොව දිනු මුනිදාණෝ  | 2017 වෙසක් පොහෝ දින ධර්ම දේශණය

Leave A Comment