Sonduru Niwan Maga | සොඳුරු නිවන් මග 2017-01-11T12:20:56+00:00

Sonduru Niwan Maga | සොඳුරු නිවන් මග

බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමට ස්ථිර තීරණයකට පැමිණ ආයු සංස්කාරය අත්හැරලා භික්ෂු සංඝයාට වදාළා, “ පින්වත් මහණෙනි, මා විසින් ඔබලාට දේශනා කොට තිබෙනවා යම් කිසි ධර්මයක්. ඒ ධර්මය හොදින් ඉගෙන ගෙන ප්‍රගුණ කරන්න. එය හොඳට දරාගෙන ප්‍රායෝගීකරණයේ යෙදෙන්න. එය මා විසින් විශිෂ්ඨ ඥාණයකින් යුතුව ඔබට දේශණා කළා. ඒ ධර්මය තමයි සිහිය පිහිටුවා ගත යුතු ආකාර සතර වූ, සතර සතිපට්ඨානය. වීර්ය දියුණු කරගත යුතු පැති හතර, සතර සම්‍යක්ප්‍රධාන වීර්යය. මානසික කුසලතා වර්ධනය කර ගැනීමට වුවමනා කරන, සතර සෘර්ධිපාද. ධර්ම මාර්ගය දුයුණු කරන්න අභ්‍යන්තරයේ දුයුණු කරගත යුතු කරුණු, පංච ඉන්ද්‍රිය. අභ්‍යන්තරයේ දියුණු කරගත යුතු බල පහ, පංච බල, අවබෝධ කරගත යුතු නිවන පිණිස පවතින විශේෂ අංග හත, සප්ත බොජ්ඣංග, නිවනට තිබෙන ඒකායන මාර්ගය, ආර්ය අෂ්ඨාංගික මාර්ගය. මේ ධර්ම තිස් හත තමයි මම ඔබට දේශනා කළේ. Sonduru Niwan Maga

මේ ධර්ම තිස් හත හොඳින් ඉගෙන ගෙන, මතක තබාගෙන ප්‍රගුණ කරමින් ඔබේ ජීවිතයට සම්බන්ධ කරගන්න. මෙයයි මෙතෙක් කල් ඔබට මා වදාළේ. යනුවෙන් බුදුරජාණන් වහන්සේ හෙළිදරවු කළා. මේ ධර්ම කරුණු අද සමාජයෙන් සැඟවිලා තිබෙන්නේ. අද සමාජයේ කතා කරන්නේ හොඳින් රස්සාවක් කරන්නේ කොහොමද? මවුපියන්ට සලකන්නෙ කොහොමද? හොඳින් ජීවත් වෙන්නේ කොහොමද? සාර්ථක විවාහ ජීවිතයක් ගත කරන්නේ කොහොමද? ආදී ලෞකික මාතෘකා පමණයි. මෙයට හේතුව තමයි ගෞතම බුදුරජුන් ගේ දැනුම සමාජයේ ප්‍රචලිත නොවීම. එනිසා දැන් කළ යුත්තේ බුදුරජාණන් වහන්සේ ගේ ධර්මය සමාජයේ ප්‍රචලිත කිරීමයි. උන්වහන්සේ වදාළ දහම් කරුණු ඉස්මතු කොට පෙන්වා දීමයි. බුදූරජාණන් වහන්සේ ගේ ධර්මය ලෞකික ජීවිතයට පමණක් සීමා නොකොට ලෞකික ජීවිතයෙන් එතෙර වන මාර්ගයත් ලබාදෙමින් ලෞකික ජීවිතය සැපවත් කරන්න උන්වහන්සේ ගේ පණිවිඩයේ තිබෙන මහනීය බව අපට තේරුම් ගන්න පුළුවන් වෙනවා. Sonduru Niwan Maga

පියවරෙන් පියවර විස්තර වන ඒ උතුම් බෝධිපාක්ෂික ධර්මයන් තිස් හත මනා කොට අධ්‍යනය කරන්නට මෙම ධර්ම දේශණා මාලාව පින්වත් ඔබ සැමට මනා පිටුවහලකි. මහමෙව්නාව අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේලා විසින් මෙහෙය වනු ලබන මෙම වැඩසටහන් මාලාව මෙසේ ඔබට තිලිණ කරන්න අප බලාපොරොත්තු වෙමු.

youtube Sonduru Niwan Magay