Namo Buddhaya | නමෝ බුද්ධාය 2016-11-25T12:12:57+00:00

නමෝ බුද්ධාය | Namo Buddhaya

හතළිස් පස් වසරක සිය ධර්ම යාත්‍රාව නිමවා පිරිනිවන් මංචකයේ වැඩ සිටි අප භාග්‍යවතුන් වහන්සේ අමතන ධර්ම භාණ්ඩාගාරික ආනන්ද ස්වාමීන් වහන්සේ “භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේගේ ඇවෑමෙන් අපගේ ශාස්තෘන් වහන්සේ වන්නේ කවුදැ‘‘ යි විමසූ විට බුදුරජාණන් වහන්සේ දුන් පිළිතුර වූයේ ‘‘පින්වත් ආනන්දයෙනි, මාගේ ඇවෑමෙන් ධර්මය ම ඔබට ශාස්තෘ වන්නේය“ යන්න යි.

එකරුණ සිත් හි දරා එතැන් පටන් ධර්මය ශාස්තෘත්වයේ තබාගෙන, ධර්ම මාර්ගයේ ගමන් කොට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත් පින්වත් ශාවක ශාවිකාවන් බොහෝ ය. තුන් කාලයට ම සාධාරණ වූ ඒ භාග්‍යවතුන් වහන්සේගේ පරම ගම්භීර ධර්මය අදටත් ජීවමාන යි මෙන් ම ඵල සහිත යි.

නමුත් ස්වභාවයෙන් ම අවිද්‍යා සහගත මනුෂ්‍යයා ධර්මයේ නාමයෙන් අධර්මය සරණ යෑම මෙකල බහුලව දක්නට ලැබෙන්නක්. ධර්මයේ ප්‍රතිරූප ඉතා ඉක්මනින් අවිද්‍යා සහගත සත්වයින් වෙලා ගන්නා අතර අසරණ මිනිසුන් සත්‍ය වෙනුවට අසත්‍ය ත් සම්මා දිට්ඨිය වෙනුවට මිත්‍යා දෘෂ්ටිය ත් සරණ යන්නේ අවිද්‍යාව නිසාම යි.

බුදු දහමේ මූලික හරය වන පට්ච්ච සමුප්පාදය හෙවත් හේතුඵල ධර්මය ත් නිර්වාණාවබෝධයේ පියගැට පෙළ බඳු සත්තිස් බෝධි පාක්ෂික ධර්ම ත් පසෙක ලා තම තමාට හිතෙන හිතෙන දේ ධර්මය ලෙසින් පෙන්වන පුද්ගලයන් වර්තමානයේ ත් සිටී. අනාගතයේ බොහෝ සිටීවී. නමුත් තම තමාගේ මතය නොව ත්‍රිපිටකගත භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව ම පෙන්වා දෙමින් එය නිරවුල්ව පහදා දෙන කල්‍යාණ මිත්‍ර ඇසුර මොන තරම් වටිනවා ද?

ධර්මයේ ප්‍රතිරූපයක් නොව භාග්‍යවතුන් වහන්සේගේ උතුම් ශ්‍රී මුඛ දේශනාව එලෙසින් ම අරුත් සුන් නොකොට හේතුඵල දහම, කර්මය සහ කර්මඵල, සතර සතිපට්ඨානය,  සත්තිස් බෝධි පාක්ෂික ධර්ම ආදී චතුරාර්ය සත්‍ය ම අවසාන ඉලක්කය කරගත් යහපත් දැක්මෙන් යුතු සත්පුරුෂ කලණ මිතුරු ඇසුර ලොවට හඳුන්වා දුන් මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ ත් ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේ ත් නිර්මාතෘ පරම පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ සමඟින් කෙරෙන අරුත්බර සජීව සදහම් කතිකාව දැන් ශ්‍රද්ධා රූපවාහිනියෙන් ඔබට සමීප කරන්නේ හිරු එළියට නැමෙන සියපත සේ ධර්මයට ම සිත යොමුකරන  සැදැහැවත් ඔබගේ සුපහන් බව පිණිස ම ය.

Namo Buddhaya


මෙම පිටුවෙහි ඇති වැඩසටහන් ඔබට දර්ශනය නො වේ නම් කරුණාවෙන් info@shraddha.lk වෙත දැනුම් දෙන්න!

If you can’t see the videos here please inform us via info@shraddha.lk | You could watch videos from our Youtube Channels also.

Shraddha TV Youtube
Buddhism In English
Namo Buddhaya 104 | නමෝ බුද්ධාය 104 2016-01-26T21:27:32+00:00
නමෝ බුද්ධාය 97 2013-12-19T15:12:06+00:00
නමෝ බුද්ධාය 95 2013-12-05T15:12:09+00:00
නමෝ බුද්ධාය 94 2013-11-28T15:07:10+00:00
නමෝ බුද්ධාය 93 2013-11-21T15:07:09+00:00
නමෝ බුද්ධාය 92 2013-11-14T15:07:07+00:00
නමෝ බුද්ධාය 91 2013-11-07T15:07:12+00:00
නමෝ බුද්ධාය 90 2013-10-31T15:03:19+00:00
නමෝ බුද්ධාය 89 2013-10-24T15:06:24+00:00
නමෝ බුද්ධාය 88 2013-10-17T15:03:16+00:00
නමෝ බුද්ධාය 86 2013-10-03T15:03:21+00:00
නමෝ බුද්ධාය 85 2013-09-26T14:56:42+00:00
නමෝ බුද්ධාය 84 2013-09-19T14:56:40+00:00
නමෝ බුද්ධාය 83 2013-09-12T14:56:39+00:00
නමෝ බුද්ධාය 82 [2013.09.05] 2013-09-05T14:56:44+00:00
නමෝ බුද්ධාය 81 [2013.08.29] 2013-08-29T14:52:56+00:00
නමෝ බුද්ධාය 80 [2013.08.22] 2013-08-22T14:52:54+00:00
නමෝ බුද්ධාය 79 2013-08-15T14:52:52+00:00
නමෝ බුද්ධාය 78 [2013.08.08] 2013-08-08T14:52:58+00:00
නමෝ බුද්ධාය 77 [2013.08.01] 2013-08-01T14:45:51+00:00
නමෝ බුද්ධාය 76 [2013.07.25] 2013-07-25T14:45:50+00:00
නමෝ බුද්ධාය 75 [2013.07.18] 2013-07-18T14:45:48+00:00
නමෝ බුද්ධාය 74 [2013.07.05] 2013-07-05T14:45:53+00:00
නමෝ බුද්ධාය 73 [2013.06.27] 2013-06-27T14:41:36+00:00
නමෝ බුද්ධාය 72 [2013.06.20] 2013-06-20T14:41:34+00:00
නමෝ බුද්ධාය 71 [2013.06.13] 2013-06-13T14:41:32+00:00
නමෝ බුද්ධාය 70 [2013.06.06] 2013-06-06T14:41:38+00:00
නමෝ බුද්ධාය 69 [2013.05.30] 2013-05-30T14:36:34+00:00
Load More Posts