charity
Giving Pure Water 2017-05-01T15:33:46+00:00

මාරාන්තික වකුගඩු රෝගයට ගොදුරු වීමේ අවධානමෙන් පසුවෙන
අපේම රටේ අසරණ ජනතාවට පිහිට වනු පිණිස පිරිසිදු පානීය ජලය ලබා දීමේ සත්කාර්යය! 

pure water project Sri Lanka- Shraddha tv

ඔවුනට උදව් කළ යුත්තේ ඇයි ?

කාලයක් තිස්සේ ගොවිතැන් උදෙසා යොදන ලබන රසායනික පොහොර හා කෘමිනාශක ආදිය නිසා එම කඨින ජලයට කෘෂි රසායනිකයන්ගේ අඩංගු ආසනික්, කැඩ්මියම්, රසදිය ආදී මිනිස් සිරුරට අහිතකර විෂ සහිත ලෝහ ද්‍රව්‍යයන් එක්ව තිබෙන බව පරීක්ෂණ වලින් තහවුරු වී තිබේ.

වකුගඩු රෝගීන් 150000 ක් පමණ උතුරුමැද පළාතෙහි සිටිනවා. 20000 පමණ ප්‍රමාණයක් වාර්ෂිකව රෝගය නිසා මිය යනවා.

වැඩි විස්තර
pure water project Sri Lanka- Shraddha tv

ඔබට දායක විය හැක්කේ කෙසේද ?

අප දේශයේම එක් කෙළවරක වාසය කරනා බීමට පිරිසිදු පැන් පොදක් නොමැති අහිංසක ජනතාවට පිළිසරණක් වන්නට අප විසින් පිවිතුරු පැන් පූජා පුණ්‍ය ව්‍යාපෘතිය අරඹන ලදී. ඒ ඔස්සේ දූෂිත ජලය පරිහරණයෙන් වකුගඩු රෝගය වැළදෙන පළාත් වල ජල පිරිපහදු කිරීමේ ඒකක සවි වනු ඇත. විශේෂයෙන්ම මෙහිදී ආසනික් කැඩ්මියම් වැනි බැරලෝහ වර්ග පවා ඉහළ ප්‍රමාණයන්ගෙන් ජලයට මිශ්‍ර වී ඇති නිසා ඒවා ඉවත් කරනු පිණස රිවර්ස් ඔස්මොසිස් (RO) නම් තාක්ෂණය භාවිතා කිරීමට සිදුවේ..

වැඩි විස්තර
pure water project Sri Lanka- Shraddha tv

Chronic Kidney Disease | නිදන්ගත වකුගඩු රෝගය

කෘෂි රසායනික භාවිතය නිසා අධිසාන්ද්‍රණයෙන් එක්ව ඇති බැර ලෝහ සහිත අපිරිසදු ජලය පානය හේතු කොටගෙන ලංකාවේ උතුරු මැද පළාව ප්‍රමුඛ පළාත් කිහිපයක සීඝ්‍රයෙන් පැතිර යන වකුගඩු රෝගය හඳුන්වනු ලබන්නේ, “නිදන්ගත වකුගඩු රෝගය (Chronic Kidney disease – CKD)“ ලෙස ය. මෙය පසුගිය වසර 8-10 පමණ කායලක් තුළ ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සෞඛ්‍ය ගැටලුවක් බවට පත්ව ඇති රෝගයකි. මෙම රෝගයට නිශ්චිත හේතුවක් මෑතක් වනතුරු ම හඳුනාගෙන නොතිබුණු හෙයින් එය හඳුනානොගත් වකුගඩු රෝගය ලෙස හදුන්වන්නට යෙදුනි.

මෙම වකුගඩු රෝගය අනෙකුත් වකුගඩු රෝගයන්ට වඩා වෙනස් වනුයේ, දීර්ඝ කාලයක් රෝග ලක්ෂණ පෙන්නුම් නොකර රෝගියා තුළ සැඟව පවතිමින් ක්‍රමයෙන් වැඩි දියුණු වී මාරාන්තික තත්වයට පත්වන නිසා ය. විශේෂයෙන් ම මෙම රෝගය තරුණ වයසේ පසුවන අයගේ සිට කෘෂි ක්ෂේත්‍රයේ රැකියා කරන වයස අවුරුදු 40-60 දක්වා වයස් කාණ්ඩවල පසුවන අය දක්වා ම බහුළ වශයෙන් දැකිය හැකි ය. රෝගය පළමුවරට වාර්තා වූයේ 1992 වර්ෂයේ වන අතර මේ වන විට එය දහස් සංඛ්‍යාත පිරිසකගේ ජීවිත අනතුරෙහි හෙළා තිබේ

වැඩි විස්තර
pure water project Sri Lanka- Shraddha tv - our solutions

මුලු මහත් දේශයට ම මහත් ව්‍යසනයක් ව ඇති, අපිරිසිදු පානීය ජලය නිසා ඇතිවන වකුගඩු රෝගයෙන් අපේ ජනතාව ගලවා ගනු පිණිස, ශ්‍රද්ධා රූපවාහිනියත්, ප්‍රජා සංවර්ධන මධ්‍යස්ථානයත්, කැළණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා අංශයත්, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවත් එක්ව ක්‍රියාත්මක කරනු ලබන පිවිතුරු පැන් පූජා ව්‍යාපෘතිය පහත අයුරින් අදියරයන් කිහිපයක් යටතේ ක්‍රියාත්මක වේ!

step-1-img

වකුගඩු රෝගය බහුළ වශයෙන් ව්‍යාප්තව පවතින ප්‍රදේශවල ඇති භාවිතයට ගන්නා සියලුම ජල මූලාශ්‍ර, පානයට සුදුසු ද නොවේ ද යන්න පිළිබඳව පරීක්ෂාවට ලක් කිරීම. මේ සඳහා ජාතික ජලසම්පත් මණ්ඩලයේ සහ කැළණිය විශ්වවිද්‍යාලයේ සහයෝගය ශ්‍රද්ධා වෙත හිමිවන අතර, අන්තර්ජාතික තත්වයන්ට අනුකූලව එසේ පරීක්ෂාවට ලක්වන ජල මූලාශ්‍ර වල සුදුසු නුසුදුසු භාවය ඒවා අසල දැන්වීමක් ලෙස සටහන් කිරීම සිදු කරනු ලැබේ. එවිට සුදුසු නුසුදුසු ජල මූලාශ පිළිබඳව ප්‍රදේශයේ ජනතාව හොඳින් දැනුවත් වන නිසා, සුදුසු පානීය ජලය ඇති ප්‍රභව තෝරා ගැනීමේ අවස්ථාව ඔවුනට හිමිවේ. මේ අයුරින් ජල ප්‍රභව හැකිතාක් ප්‍රමාණයක් තත්ව පරීක්ෂාවට ලක් කිරීට බලාපොරොත්තු වන අතර එම දත්තයන් පිවිතුරු පැන් පූජා ව්‍යාපෘතියේ ඉදිරි කටයුතු උදෙසා ද සක්‍රීය ලෙස යොදා ගනු ලැබේ.


STEP 1

All water resources of each village in a specified area will be examined in order to evaluate whether or not water is suitable for drinking. After having evaluated the water according to the international standards a notice will be placed certifying the water is suitable for drinking. Therefore people will be well aware of which water source are clean and which is polluted giving them the opportunity to get water from pure water source. All water source will be evaluated every 6 months. Further all water source of the village will be mapped to drinkable and non-drinkable groups. The data will be used for the second step of the campaign

filterපළමු පියවර ක්‍රියාත්මක වන අතර තුර දීම, එමගින් ලබා ගන්නා දත්ත සහ අනෙකුත් ආයතන වලින් ලබා ගන්නා දත්ත මුල් කොටගෙන, වඩාත් වැඩියෙන් වකුගඩු රෝගය ව්‍යාපත්ව පවතින සහ පිරිසිදු පානීය ජල ප්‍රභව අඩු ගම්මාන වල විශාල ජල පිරිපහදු ඒකක ස්ථාපිත කරනු ලැබේ. ජල පිරිපහදු ඒකකය ස්ථාපිත කරනු ලබන්නේ වසර පුරා අඛණ්ඩ සහ ප්‍රමාණවත් ජල සැපයුමක් ලබා දෙන ප්‍රභව ආශ්‍රිතව වේ. එසේ ම එහි දී පහසුවෙන් ජනයාට ලගා විය හැකි ස්ථාන වලට ද ප්‍රමුඛත්වය ලබා දෙනු ලැබේ.මෙහි දී පිරිපහදු ක්‍රියාවලිය උදෙසා යොදා ගනු ලබන්නේ රිවර්ස් ඔස්මොසිස් නම් තාක්ෂණික ක්‍රමවේදය යි. එම ක්‍රමවේදය යටතේ ජලයේ ඇති ආසනික්, කැඩ්මියම්, රසදිය, ෆ්ලෝරයිඩ් සහ ජලයේ කඨිනත්වය ද පානයට සුදුසු මට්ටම දක්වාම පෙරා ඉවත් කරනු ලැබේ. එසේ පිරිසිදු කරනු ලැබූ ජලය ටැංකිවල ගබඩා කොට ජනතාව වෙත ලබා දීමට කටයුතු කරනු ලැබේ.


STEP  2

Based on the data gained on the first step of the project as well as other responsible institutions and agencies large water filters system will be established in areas that are highly affected by kidney decease as well as village that have the fever source of drinking water, This filter center will be based on chosen wells that have a good year long supply of water. The Reverse Osmosis Filtering System(R/O/) is determined to e used here in order to remove all powerful elements of water such as Arsenic, Cadmium, Florid, Mercury and hardness of water which are suspected to be the root cause of kidney decease. Thereby it will be possible to filter polluted water which is unsuitable for drinking and turn it into purified water this is drinkable which can then be distributed among villages.

step 3ඉහත පියවරයන් ක්‍රියාත්මක වන අතර තුර දී ම, මහත් ව්‍යසනකාරී මෙම රෝගය වළක්වා ගැනීම පිණිස ගත යුතු පියවර සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ද ක්‍රියාත්මක කරනු ලැබේ. විශේෂයෙන් ජල දූෂණය පිණිස හේතුවන කෘමිනාශක හා පොහොර වර්ග භාවිතයෙන් වැළකී සිටීම සම්බන්ධයෙන් ද, පිරිසිදු පානීය ජලය භාවිතා කිරීමේ ඇති වැදගත්කම සම්බන්ධයෙන් ද වකුගඩු රෝගය වළක්වා ගැනීමට ගත හැකි අනෙකුත් පියවර සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරනු ලැබේ.


STEP 3

Making awareness among people about the source of water pollution and the ways of preventing water pollution.

සවිස්තරාත්මක ව්‍යාපෘති වාර්ථාව

pure water project Sri Lanka- Shraddha tv contact: 0714 366 577 / 0112 571 471

ඡායාරූප එකතුව

pure water project Sri Lanka- Shraddha tv , they with us

Pure water donation project -පිවිතුරු පැන් පූජා