Chronic Kidney disease 2016-11-25T12:12:56+00:00

 Chronic Kidney disease | නිදන්ගත වකුගඩු රෝගය


කෘෂි රසායනික භාවිතය නිසා අධිසාන්ද්‍රණයෙන් එක්ව ඇති බැර ලෝහ සහිත අපිරිසදු ජලය පානය හේතු කොටගෙන ලංකාවේ උතුරු මැද පළාව ප්‍රමුඛ පළාත් කිහිපයක සීඝ්‍රයෙන් පැතිර යන වකුගඩු රෝගය හඳුන්වනු ලබන්නේ, “නිදන්ගත වකුගඩු රෝගය (Chronic Kidney disease – CKD)“ ලෙස ය. මෙය පසුගිය වසර 8-10 පමණ කායලක් තුළ ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සෞඛ්‍ය ගැටලුවක් බවට පත්ව ඇති රෝගයකි. මෙම රෝගයට නිශ්චිත හේතුවක් මෑතක් වනතුරු ම හඳුනාගෙන නොතිබුණු හෙයින් එය හඳුනානොගත් වකුගඩු රෝගය ලෙස හදුන්වන්නට යෙදුනි. මෙම වකුගඩු රෝගය අනෙකුත් වකුගඩු රෝගයන්ට වඩා වෙනස් වනුයේ, දීර්ඝ කාලයක් රෝග ලක්ෂණ පෙන්නුම් නොකර රෝගියා තුළ සැඟව පවතිමින් ක්‍රමයෙන් වැඩි දියුණු වී මාරාන්තික තත්වයට පත්වන නිසා ය. විශේෂයෙන් ම මෙම රෝගය තරුණ වයසේ පසුවන අයගේ සිට කෘෂි ක්ෂේත්‍රයේ රැකියා කරන වයස අවුරුදු 40-60 දක්වා වයස් කාණ්ඩවල පසුවන අය දක්වා ම බහුළ වශයෙන් දැකිය හැකි ය. රෝගය පළමුවරට වාර්තා වූයේ 1992 වර්ෂයේ වන අතර මේ වන විට එය දහස් සංඛ්‍යාත පිරිසකගේ ජීවිත අනතුරෙහි හෙළා තිබේ.

නිදන්ගත වකුගඩු රෝගයේ දී වකුගඩුව එක්වරම අක්‍රීය තත්වයට නොවේ. වසර ගණනාවක් තිස්සේ ක්‍රමයෙන් ක්‍රියාවිරහිත වීම සිදු වේ. රෝගය මගින් වකුගඩු අක්‍රිය වීම මූලික පියවර 5ක් ඔස්සේ සිදු වන බව විශේෂයෙන් හඳුනාගෙන තිබේ. රෝගය පස්වන හෙවත් අවසාන පියවරට පත් වූ විට එය වකුගඩු අක්‍රිය වීම, අවසන් අදියරෙහි වකුගඩු රෝගය, ආදී වශයෙන් හඳුන්වනු ලැබේ. එම අවදියෙහි දී වකුගඩුවල ක්‍රියාකාරීත්වය සම්පූර්ණයෙන් ම හෝ සම්පූර්ණයෙන් ම අක්‍රියවීමට ආසන්න මට්ටමට හෝ පත්වේ! වකුගඩු රෝගය මෙසේ පස්වන අවදියට පත් වූ විට එම රෝගීන් ජීවත්කරවීම පිණිස නිරන්තරයෙන් රුධිර කාන්දුකරණය මගින් රුධිරය පිරිසිදු කිරීම හෝ වකුගඩුවක් බද්ධ කිරීම අනිවාර්යයෙන් කළ යුතු මට්ටමට පත්වේ! මෙම වකුගඩු රෝගය කාලක් තිස්සේ ක්‍රමයෙන් වැඩි දියුණු වන නිසා රෝගීන්ගෙන් බොහෝ පිරිසක්, අවසන් අදියරට පත්වන තෙක් ම රෝගයට ගොදුරුව ඇති බව හඳුනාගන්නේ නැත.. Chronic Kidney disease

උතුරුමැද පළාතේ රෝග ව්‍යාප්තිය..

අනුරාධපුර දිස්ත්‍රික්කය උතුරින් වව්නියාව, මන්නාරම සහ මුලතිව් දිස්ත්‍රික්කවලට ද, දකුණින් කුරුණෑගල සහ මාතලේ දිස්ත්‍රික්කවලට ද, බටහිරින් පුත්තල ම සහ මන්නාරම දිස්ත්‍රික්ක වලට ද නැගෙනහිරින් පොලොන්නරුව සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවලට ද මායිම්ව පවතී. අනුරාධපුර දිස්ත්‍රික්කය ලංකාවේ විශාලතම පරිපාලන දිස්ත්‍රික්කය යි. එය රටෙහි මුලු වර්ගඵලයෙන් 10% පමණ ආවරණය කරන අතර වර්ග කි.මී. 7,179 ක වපසරියකින් යුක්ත ය. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනගහණය දළ වශයෙන් 860,000 ක් පමණ වේ. ආසන හතකින් ද ග්‍රාමනිලධාරී කොට්ටාශ 649 කින් ද සමන්විත අනුරාධපුර දිස්ත්‍රික්කය බොහෝකොටම කෘෂිකර්මාන්තය මත රදා පවතින ප්‍රදේශයකි. Chronic Kidney disease

Chronic Kidney disease

මේ වන විට වාර්තාගත වැඩිම වකුගඩු රෝගීන් ප්‍රමාණයක් සිටින්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ය. දළ වශයෙන් සෑම වසරක දී ම අලුතෙන් රෝගීන් 1350 ක පමණ ප්‍රමාණයක් අනුරාධපුර ප්‍රදේශයෙන් වාර්තා වේ. ප්‍රතිශතයක් වශයෙන් ගත් කළ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනගහනයෙන් 20%ක පමණ ප්‍රමාණයක් වකුගඩු රෝගයෙන් පෙළෙන බව වාර්තාවේ. වෛද්‍ය රණසිංහ මහතාට අනුව මැදවච්චිය ප්‍රදේශයෙන් පමණක් රෝගීන් 2823 ක් ද, පදවිය ප්‍රදේශයෙන් රෝගීන් 2464 ක් ද කැබිතිගොල්ලෑවෙන් රෝගීන් 933 ක් මේ වන විට හදුනාගෙන ඇත. මෙය කෙතරම් බරපතල තත්වයකට පත්ව ඇද්ද යතහොත් වසරක පමණ කාලයක තුළ දී අනුරාධපුර ප්‍රදේශයේ රෝගීන් 2000ක් පමණ වකුගඩු රෝගය නිසා මිය යෑම සිදුවේ. එම අගයන් රෝහල් තුළ මිය යන අයගේ වාර්තාවලින් පමණි.

අනුරාධපුර දිස්ත්‍රික්කයට අමතරව පොලොන්නරුව, ගිරාඳුරුකෝට්ටේ, අම්පාර ආදී ප්‍රදේශවලින්ද වකුගඩු රෝගීන් බහුළ වශයෙන් වාර්තා වේ. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සමස්ථ ජනගහනයෙන් 25% පමණ වකුගඩු රෝගයෙන් පීඩා විඳින බව සමීක්ෂණ මගින් හෙළිදරව් වී ඇත. මෙය ප්‍රතිශතයක් වශයෙන් ගත් කළ වාර්තාගත ඉහළ ම අගයයි. රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයට අනුව සමස්ථ උතුරුමැද පළාතෙහි වකුගඩු රෝගීන් 150000 ක් පමණ සිටිති. 20000 පමණ ප්‍රමාණයක් වාර්ෂිකව රෝගය නිසා මිය යති. තවද උතුරු මැද පළාතේ බොහෝ රෝහල් වකුගඩු රෝගීන්ගෙන් පිරී පවතින බව එම රෝහල් වලට යන ඕනෑම අයෙකුට දැකගත හැකි ය. Chronic Kidney disease

දැන් මෙය වසර දීර්ඝ කාලයක් තිස්සේ ලාංකීය ජනතාව පීඩාවට පත් වූ යුද්ධයට ද වඩා දරුණු ලෙස ජීවිත බිලිගන්නා ව්‍යසනයක් වී හමාරය. රෝගයට ගොදුරු වන අයගෙන් බහුතරය, වයස අවුරුදු 30-50 අතර සිටින ගොවිතැනෙහි යෙදෙන පිරිමි පුද්ගලයන් වේ. මෙම පිරිස පවුල් සංස්ථාව තුළ බර උසුලන පියවරුන්, ස්වාමිවරුන්, සොහොයුරන් වැනි පුද්ගලයින් නිසා, එම ප්‍රදේශයේ නිවෙස්වල ඇතිව ඇති තත්වය ඉතා ඛේදනීය ය. ශ්‍රීපුර පදවිය පූජාගස්පංගුව මහා විද්‍යාලයේ විදුහල්පති තුමා වන එච්.එම්. ගාමිනී හිමිදුම මහතා පැවසුවේ එතුමා සේවය කරන පාසලෙහි පමණක් දරුවන් 50 දෙනෙකුගේ පමණ මව සහ පියා යන දෙදෙනා ම නිදන්ගත වකුගඩු රෝගය නිසා මිය ගොස් ඇති බව යි. මෙය කෙතරම් සමාජීය අර්බුදයක් බවට පත්ව ඇද්ද යන්න එපමණකින් ම සිතා ගත හැකි ය. මේ අතර ම මෙම රෝගය ක්‍රමයෙන් යාබද පළාත්කරා ද ව්‍යාප්තවෙමින් පවතී.

මෙම ව්‍යසනයට හේතුව කුමක් ද.?

සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ලෝක සෞඛ්‍ය සවිධානය එක්ව මෙම රෝගයට හේතු සාධක සෙවීම පිණිස පර්යේෂණ පවත්වා තිබේ. ඊට අමතර ලංකාවේ විශ්ව විද්‍යාල වලින් මෙන් ම පිටරට විශ්වවිද්‍යාල වලින් ද මේ සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණ පවත්වා ඇත. එම පර්යේෂකයින්ගෙන් බහුතරය විශ්වාස කරනුයේ මෙම රෝගයට හේතුව දූෂිත ජලය පානය කිරීම බව යි. මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කළ කැළණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා අංශයෙහි පර්යේෂකයින් පවසන්නේ ජලයෙහි අධිසාන්ද්‍රණයෙන් දිය වී ඇති ආසනික්, කැඩ්මියම්, මර්කරි වැනි බැර ලෝහ මෙම රෝගයට සෘජුව බලපානා බව යි. මේ බව මෑතක දී සිදු කරන ලද තවත් බොහෝ පර්යේෂණ වාර්තාවන්ගෙන් තහවුරුව තිබේ. උතුරුමැද පළාත බහුල වශයෙන් කෘෂිකර්මාන්තය ව්‍යාප්තව ඇති ප්‍රදේශයක් නිසා, පොහොර සහ කෘමිනාශක මගින් බැර ලෝහ, මතුපිට ජලයට පමණක් නොව භූගත ජලයට ද එක්ව ඇති බව සොයාගෙන ඇත. Chronic Kidney disease

රජරට විශ්වවිද්‍යාලයේ කතිකාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන, කැලිෆොර්නියා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සරත්ගුණතිලක, ප්‍රියන්තා සේනානායක යන මහත්ම මහත්මීන් විසින් සිදු කරණු ලැබූ නවතම පර්යේෂණයකට අනුව, කෘෂිරසායනයන්ගේ අඩංගු ග්ලයිෆොසිට් නම් රසායනය බැර ලෝහ සහ කඨින ජලය සමග එක්වී සැකසෙන සංයෝගයන් ද මෙම වකුගඩු රෝගයට හේතු සාධක වන බව සොයාගෙන තිබේ.

තවද විශේෂයෙන් ම කඨිනත්වයෙන් අඩු, කෘෂිරසායනයන්ගෙන් දූෂිත නොවූ ස්වභාවික උල්පත් කිහිපයක් ද මෙම ප්‍රදේශයේ පිහිටා තිබේ. එම උල්පත් ජලය පානය කරන මිනිසුන් තුළ මෙම රෝග ලක්ෂණ කිසිවක් නොමැති බව සොයාගෙන ඇත.

මෙම සියලු සාධක අනුව පැහැදිලි වනුයේ දුෂිත වූ පානීය ජලය සෘජුවම මෙම රෝගයට මූලිකවන බවයි.

Chronic Kidney disease shraddha tv buddhist
GIVING PURE WATER
WHY WATER
CKD
OUR SOLUTION
HOW TO HELP
Chronic Kidney disease shraddha tv logos buddhist