How to Help? 2016-11-25T12:12:56+00:00

ප දේශයේම එක් කෙළවරක වාසය කරනා බීමට පිරිසිදු පැන් පොදක් නොමැති අහිංසක ජනතාවට පිළිසරණක් වන්නට අප විසින් පිවිතුරු පැන් පූජා පුණ්‍ය ව්‍යාපෘතිය අරඹන ලදී. ඒ ඔස්සේ දූෂිත ජලය පරිහරණයෙන් වකුගඩු රෝගය වැළදෙන පළාත් වල ජල පිරිපහදු කිරීමේ ඒකක සවි වනු ඇත. විශේෂයෙන්ම මෙහිදී ආසනික් කැඩ්මියම් වැනි බැරලෝහ වර්ග පවා ඉහළ ප්‍රමාණයන්ගෙන් ජලයට මිශ්‍ර වී ඇති නිසා ඒවා ඉවත් කරනු පිණස රිවර්ස් ඔස්මොසිස් (RO) නම් තාක්ෂණය භාවිතා කිරීමට සිදුවේ. එහිදී දළ වශයෙන් එක් ගමක පානිය ජල අවශ්‍යතාවය සපුරන වතුර ෆිල්ටරයක් දළ වශයෙන් දස ලක්ෂයක් පමණ වේ. මෙම ෆිල්ටරය ස්ථාපිත කිරීමට කුඩා නිවෙස්නයක් ද තැනිය යුතු වේ. මේ ආකාර ජල පිරිපහදු කිරීමේ ඒකක ගමින් ගමට ගමේ පන්සල ඇසුරු කොට ගෙන ස්ථාපිත කිරීමට කටයුතු යොදමින් පවතියි. එහිදී අදාල ජනතාවට ගමේ පන්සල ඇසුරු කොට ගෙන පානීය ජලය ලබා ගත හැකි වනු ඇත.

මෙම ව්‍යාපෘතියට දායක වී පින් රැස් කරගනු කැමති ඔබට ඒ සඳහා පහත අයුරින් සම්බන්ධ විය හැකි යි.

1 » මූල්‍යමය ආධාර සැපයීම

මෙම මහඟු පුණ්‍යකර්මය උදෙසා ඔබට හැකි අයුරින් මූල්‍යමය වශයෙන් පරිත්‍යාගයන් සිදු කළ හැකි ය. එහි දී මුදල් පරිත්‍යාග සිදු කළ යුතු වන්නේ පහත බැංකු ගිණුමට යි.

Bank::  Sampath Bank – Kaduwela
Ac Number:: 1162 1399 8878
Ac Name:: Shraddha Media Network

මුදල් පරිත්‍යාග කිරීමෙන් පසුව ලැබෙන රිසිට් පතෙහි “පිවිතුරු පැන් පූජා“ යනුවෙන් සටහන් කොට ශ්‍රද්ධා රූපවාහිනිය වෙත තැපැල් කිරීම හෝ info@shraddha.lk වෙත ඊමේල් කිරීම හෝ සිදු කළ හැකිය.

2 » සම්පූර්ණ ව්‍යාපෘතියක් උදෙසා ආයතන සම්බන්ධ කිරීම

ඔබේ ආයතනය හෝ ඔබ රැකියා කරන ආයතනය මෙම උතුම් පුණ්‍ය කටයුත්ත උදෙසා යොමු කිරීම සිදු කළ හැකි ය. එහි දී සම්පූර්ණ ගමකට හෝ ගම්මාන කිහිපයකට හෝ ජල පිරිපහදු තනවා පූජා කිරීම එම ආයතනයේ අනුග්‍රහයත් ශ්‍රද්ධා රූපවාහිනියේ අධීක්ෂණයත් සම්බන්ධීකරණයත් යටතේ සිදු වනු ඇත.

3 » අතිරේක උපකරණ සහ උපාංග පරිත්‍යාග කිරීම

ඔබට හැකි පරිදි මෙම පුණ්‍ය කර්මයට අවශ්‍ය ජල ටැංකි පරිත්‍යාග කිරීම, පිරිපහදු ඒකකය ස්ථාපිත කරන නිවෙස්නය (building) තැනවීමට ආධාර කිරීම වැනි ක්‍රම ඔස්සේ ද මේ උදෙසා දායක විය හැකිය..

4 » ශ්‍රමයෙන් සහ හැකියාවන්ගෙන් දායක වීම

ශ්‍රමයෙන් සහ හැකියාවන්ගෙන් දායක විය හැකි ආකාර පිළිබඳව ඒ ඒ අවස්ථාවන් හි දි ශ්‍රද්ධා වෙබ් අඩවිය ඔස්සේ දැනුවත් කරනු ලැබේ.

මෙම පුණ්‍ය ව්‍යාපෘතිය සඳහා වැඩි විස්තර ලබාගනු කැමති නම් 0714366577 දුරකථන අංකය අමතන්න…

GIVING PURE WATER
WHY WATER
CKD
OUR SOLUTION
HOW TO HELP