Why should you help? 2016-11-25T12:12:56+00:00

තුරුමැද පළාත යනු ශ්‍රී ලංකාවේ සහල් ඇතුළු ආහාර නිශ්පාදනයට අතිශයින් දායක වන ප්‍රදේශයකි..මෙම ප්‍රදේශයෙහි ජීවත්වන ජතතාව අතරින් බොහෝ දෙනෙක් එදිනෙදා ගොවිතැන් බත් සිදුකරන අහිංසක ගොවියෝය. මෙම ප්‍රදේශයේ ජලය ප්‍රකෘතියෙන් ම කිවුල ස්වභාවයෙන් යුක්ත වේ. එනම් මෙ ප්‍රදේශයෙහි ඇති ජලයෙහි කඨිනත්වය සාපේක්ෂව ඉහළ අගයක් ගනී. එසේ ම කාලයක් තිස්සේ ගොවිතැන් උදෙසා යොදන ලබන රසායනික පොහොර හා කෘමිනාශක ආදිය නිසා එම කඨින ජලයට කෘෂි රසායනිකයන්ගේ අඩංගු ආසනික්, කැඩ්මියම්, රසදිය ආදී මිනිස් සිරුරට අහිතකර විෂ සහිත ලෝහ ද්‍රව්‍යයන් එක්ව තිබෙන බව පරීක්ෂණ වලින් තහවුරු වී තිබේ.

ශ්‍රීපුර පදවිය පූජාගස්පංගුව මහා විද්‍යාලයේ දරුවන් 50 ගේ පමණ මව සහ පියා යන දෙදෙනාම මේ කුරිරු රෝගයෙන් මියගොස් ය.

 

small-fiter-1

එම ප්‍රදේශයේ ජීවත් වන ජනයා පානය කිරීමට මෙන්ම ආහාර පිසීමට ද යොදා ගනු ලබන්නේ මෙසේ අපවිත්‍ර වී ඇති ජලය යි. එම හේතුවෙන් උතුරු මැද පළාතෙහි බොහෝ ප්‍රදේශවල අහිංසක මිනිසුන් බොහෝ ප්‍රමාණයක් වකුගඩු රෝගයට ගොදුරු වී තිබේ. මෙය කෙතරම් ව්‍යසනකර ස්වභාවයකට පත් ව තිබෙන්නේ දැයි කිවහොත්, පදවිය පරාක්‍රමපුර වැනි ප්‍රදේශවල ජීවත් වන මිනිසුන්ගෙන් 20% ක වැනි ප්‍රමාණයක් ම වකුගඩු රෝගයෙන් පීඩා විඳින බව හඳුනාගෙන ඇත.

මේ ව්‍යසනයෙන් අපගේ සහෘද ජනතාව ගලවාගැනීමට අපට නොයෙක් අයුරින් උපකාර කළ හැකි ය. ඒ යටතේ සිදු කළ හැකි ප්‍රධානතම කටයුත්තක් වන්නේ එම ප්‍රදේශවල වාසය කරන අහිංසක ජනතාවට පිරිසිදු පානීය ජලය ලබා ගැනීමට උපකාර කිරීම යි.

වකුගඩු රෝගීන් 150000 ක් පමණ උතුරුමැද පළාතෙහි සිටිනවා. 20000 පමණ ප්‍රමාණයක් වාර්ෂිකව රෝගය නිසා මිය යනවා.
රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය

පවතින පිරිපහදු ප්‍රමාණවත් නොවේ

small-fiter-2

මේ වන විටත් ඇතැම් ගම්මාන වල කුඩා පානීය ජල පිරිපහදු ඒකක ස්ථාපිත කොට තිබේ. නමුත් ඒවාගේ ධාරිතාවය පානීය ජල අවශ්‍යතාවය පිණිස ප්‍රමාණවත් නොවේ. එම කුඩා පිරිපහදු ඒකක ඉදිරිපිට වතුර පිරෙන තෙක් ගැමියන් විසින් තබා ඇති වතුර භාජන පිරීමට විශාල කාලයක් ගත වන අතර කුඩා දූ දරුවන් පවා දුර ඈත සිට එම ස්ථාන කරා මහමග ගෙවා පැමිණෙති. පදවිය ප්‍රදේශයේ එසේ ස්ථාපිත කොට ඇති කුඩා ඒකකයක් ඉදිපිට තබා ඇති වතුර භාජන සහ සිය දරුවන් සමග වතුර රැගෙන යෑමට පැමිණ සිටින අම්මා කෙනෙක් ඉහත ඡායාරූපයන්ගෙන් දැක්වේ..

මෙම ප්‍රදේශවල ජීවත්වන ජනයාගෙන් බොහෝ පිරිසක් එදාවෙල හරිහම්බ කරගන්නේ ද අපහසුවෙනි. මේ නිසා ඔවුනට ම කියා විශාල පිරිපහදු ඒකක තනා ගැනීමට ඔවුනට වත්කමක් හෝ හැකියාවක් නො මැත. එම අසරණ මිනිසුන්ට ඔබේ උපකාර අවශ්‍ය වන්නේ එනිසා ය. හැකි පමණින් දායක වී ඔවුන් උදෙසා පානීය ජල පිරිපහදු ඒකක තනා දිය හැකි නම් එය මනුෂ්‍යත්වය වෙනුවෙන් සිදු කෙරෙන උත්තරීතර පරිත්‍යාගයක් වනු ඇත..

GIVING PURE WATER
WHY WATER
CKD
OUR SOLUTION
HOW TO HELP