විල්ගම්වෙහෙර රජමහා විහාරය 2016-11-25T12:12:51+00:00

Wilgamwehera Temple | විල්ගම්වෙහෙර රජමහා විහාරය

ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා සහ නිකෙලෙස් අරහන්තක ධාතූන් වහන්සේලා වැඩ සිටින ඓතිහාසික සේරුවිල විල්ගම්වෙහෙර මහා සෑ රජුන්ගේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ශ්‍රම දායකත්වය ලබාදීමේ පුණ්‍ය කර්මයක් සහ කිරිපිඬු බුද්ධ පූජාවක් ශ්‍රද්ධා නාලිකාවේ කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් 2016 නොවැම්බර් 04 වන දින දී සිදුවිය. මේ සඳහා ශ්‍රම දායකත්වය දුන් මහමෙව්නාව භාවනා අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේලාටත්, පැවදි අපේක්ෂක අනගාරික පින්වතුන්ටත් මේ රැස්කළ සියලු පින් අනුමෝදන් වෙත්වා! මේ රැස් කළ සියලු පින් පින් කැමති සියලූම දෙවියන්ටත්, බ්‍රහ්මයින්ටත්, නාගයින්ටත් අනුමෝදන් වෙත්වා! අපගේ ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු මහමෙව්නාව භාවනා අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේලාටත්, ලෝකවාසී පින්වත් ස්වාමීන් වහන්සේලාටත් මේ පින් අනුමෝදන් වෙත්වා! එමෙන්ම ශ්‍රද්ධා නාලිකාවේ කාර්ය මණ්ඩලයේ පින්වත් සියලු දෙනාටත්, නන් අයුරින් උපකාර කළ පින්වත් සියලු දෙනාටත්, මේ සියලු පින් අනුමෝදන් වෙත්වා! තුණුරුවනේ අනන්ත ගුණානුභාව බලයෙන් සියලු යහපත උදා වෙත්වා! මේ උතුම් පින්කම දැකබලා සතුටු වන පින්වත් ඔබ සැමටත් අප රැස් කළ සියලු පින් උතුම් ධර්මාවබෝධය පිණිසම එක සේ උපකාර වෙත්වා!

විල්ගම්වෙහෙර මහා සෑ රජාණන් වහන්සේට නමස්කාර වේවා…

Wilgamwehera Temple shraddha tv

අපගේ පරම පූජනීය ශාස්තෘන් වහන්සේ වන ඒ භාග්‍යවත් වූඅරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේගේසර්වඥ ධාතූන් වහන්සේලා නිධන් කොට...

Posted by Shraddha TV on Saturday, March 12, 2016

සේරුවිල රජමහා විහාරයේ සිට තෝපූර් දෙසට 3KM ගිය විට විල්ගම්වෙහෙර රජමහා විහාරයට හැරෙන මංසන්ධිය හමුවේ. ඒ මංසන්ධියෙන් වමට හැරී 1KM ගමන් කළ විට විල්ගම්වෙහෙර රජමහා විහාරයට පැමිණිය හැකිය. Wilgamwehera Temple

දුරකථන: 0264 930 001

ශ්‍රී ලංකාද්වීපයේ නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ සේරුවිල නම් වූ කුඩා නගරයේ නෙළුම්ගම පිහිටි මෙම විල්ගම්වෙහෙර රජමහා විහාරය වනාහී මින් වසර 2200 කට පෙර රට දැය එක්සේසත් කළ මහා යුග පුරුෂ ගාමිණී අභය (දුටුගැමුණු) මහරජතුමාගේ පියාණන් වූ මහා ශ්‍රද්ධාවන්ත කාවන්තිස්ස මහ රජතුමාගේ සමයේ ගිරි අභය නම් ප්‍රාදේශීය රජු විසින් ඉදි කරනු ලදුව මහ රහතන් වහන්සේලාගේ නිර්මල පා පහසින් පාරිශුද්ධ වූ අති උතුම් පුණ්‍ය භූමියකි. Wilgamwehera Temple

සේරුවිල මංගල රජමහා විහාරයේ සිට සැතපුම් 2 ක් පමණ උතුරු දිශාවට වන්නට සේරු නම් විල් තෙර අසල පිහිටි මෙම විල්ගම්වෙහෙරෙහි වැඩ සිටි මහරහතන් වහන්සේලාගේ පූර්ණ උපදේශකත්වය ලලාට ධාතු මහා සෑයේ මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනයේ පටන් ම ලබා දුන් බවත්, සේරුවිල ධාතු නිධාන පින්කමට විල්ගම්වෙහෙර කරවූ ගිරි අබා රජු ද, සේරු නුවර රජු ද, ලෝණ නුවර රජු ද, කාවන්තිස්ස මහ රජු ද ඇතුළු සේනාව සමඟින් සිය පිරිස් පිරිවරා ගෙන මහා පෙරහැරින් මේ පුණ්‍ය භූමියේ සිට මංගල මහා සෑ මළුවට අති උත්කර්ෂවත්ව ගමන් කළ බවත් පාලි ධාතුවංශය, සිංහල ධාතුවංශය, ජිනකාලමාලි යන ඓතිහාසික ග්‍රන්ථයන් විමර්ශනශීලීව අධ්‍යනය කරන විට දැනගත හැකිවේ.

 උතුම් සර්වඥ ධාතූන් වහන්සේලා සුවඳවත් ගර්භයෙහි දරා වැඩ සිටි අහස උසට සුදෝ සුදු පැහැයෙන් බැබළෙමින් සුසිල්වත් සිව්වනක් ශ්‍රාවකයින්ගේ පුද පූජාවන් වන්දන මානනයන්ට නිරන්තරයෙන් බඳුන් වෙමින්පැවති මේ උතුම් විල්ගම්වෙහෙර මහා සෑ රජුන් ව්‍යවහාරික වරෂ 1214 දී ලංකා ධරණී තලයත් සම්බුද්ධ ශාසනයේ උද්දීපනයත් වනසමින් දකුණු ඉන්දීය කාලිංග මාඝ නම් දරුණු  ආක්‍රමණිකයා විසින් මෙහෙය වූ පවිටු යුද සේනාවන්ගේ ප්‍රහාරයන්ගෙන් ලක් දිව් තලයේ අනෙකුත් සියලු පුණ්‍යභූමීන් සමඟින් නටඹුන් ව ගියහ. Wilgamwehera Temple

කාලයාගේ ඇවෑමෙන් සේරුවිල ලලාට ධාතු මහා සෑය, මෙම විල්ගම්වෙහෙර මහා සෑය ඇතුළු අනෙකුත් විහාරාරාමයන් සැදැහැතියන්ගේ ඇස නොගැටෙන සේ වල් බිහිවී වනය තුළ සැඟව ගියේ ය. Wilgamwehera Temple

පූරිත පුණ්‍ය ගුණයෙන් යුතු අතිපූජනීය දඹගස්ආරේ ශ්‍රී සුමේධංකර මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අසහාය කැපවීම හමුවේ ලලාට ධාතු මහා සෑය සැදැහැතියන් වෙත යළි පූජෝපහාර පුදන්නට විවෘත විය. ඉන් අනතුරුව මෙම විල්ගම්වෙහෙර මහා සෑය ඇතුළු අනෙකුත් ප්‍රාදේශීය විහාරාරාමයන් පිළිසකර කිරීමට බලවත් අපේක්ෂාවෙන් සිටිය ද දරුණු ඊළාම් ත්‍රස්තවාදී ක්‍රියාවන් හේතුවෙන් එම කටයුතු අඩාලව ගියේ ය. Wilgamwehera Temple

එම දරුණු යුද සමයේ පවා සේරුවිල ප්‍රදේශය උතුම් ලලාට ධාතු මහා සෑයත් අත්හැර නොයමින් සිය ගුරු දේවයන් වහන්සේ මෙන්, සිංහල, දෙමළ, මුස්ලිම්, භේදයකින් තොරව ත්‍රස්ත ක්‍රියා හමුවේ අසරණ වූ ජනතාව වෙත සෑම අයුරින් ම යහපත සදමින් අභීත ලෙසින් වැඩ සිටි අති පූජනීය සේරුවිල සරණකිත්ති අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ මේ උතුම් පුණ්‍ය භූමීන් රැක ගත්හ.

අති පූජනීය සේරුවිල සරණකිත්ති ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ආශීර්වාදයෙන් අති පූජනීය දඹගස්ආරේ සුමේධංකර මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ශිෂ්‍යවරයෙකු වන ගෞතම බුදු සසුනේ දියුණුව ම නිති පතන ඒ පිණිස ම සිය පැවිදි දිවිය කැප කරන අප ගුරුදේවෝත්තම අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණනන්ද පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ අනුශාසනාවෙන් ගෞතම බුදු සසුනේ සිව්වනක් පිරිසේ උපකාරයෙන් වසර 800 ක් පුරාවට වල් බිහිවී තිබූ මෙම විල්ගම්වෙහෙර මහා සෑ රජුන් කටු කොහොල් අරවා ප්‍රතිසංස්කරණය වෙමින් පැවතීම ලක් වැසි අප සැමගේ මහත් භාග්‍යයකි. Wilgamwehera Temple

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පූර්ණ අධීක්ෂණය යටතේ ප්‍රතිසංස්කරණය වන මෙම මහා සෑ රජුන්ගේ ඉදිකිරීම් සඳහා වන මූල්යමය අනුග්‍රහය ඉතා ශ්‍රද්ධා සිතින් යුතුව විශ්ව පාරමී ආයතනය විසින් දරනු ලැබීය.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉතා ප්‍රවේසමෙන් සිදු කළ කැනීම් වලින් මේ වන විටත් පේසා වළලු, මල් ආසන, යූපස්ථම්භය ඡත්‍ර ගල්, සෑ ගර්භය, සලපතල මළුව ආදී චෛත්‍යාංග මතුකොටගෙන අවසානය. වසර දෙදහස් ගණනක් පැරණි බදාම තට්ටු ඇතැම් ස්ථානයන් හි අවශේෂව පවතී.

චෛත්‍ය රාජයාණන් වහන්සේ නමක් ප්‍රතිසංස්කරණය කරන විට හෝ යළි කංචුක සෑයක ඉදිකොට සුවිශාල කරවන විට අතීත රජ දවස අනුගමනය කොට ඇති චාරිත්‍ර වාරිත්‍ර ප්‍රකාරව ඒ අනුව යමින් මේ උතුම් විල්ගම්වෙහෙර මහා සෑයේ වත්මන් ප්‍රතිසංස්කරණය ව්‍යවහාර වර්ෂ 20…… මස දින අරඹන ලදුව ව්‍යවහාර වර්ෂ 2016 මාර්තු මස 19 වැනි ඉරු දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපු මූලස්ථානයේ සුපිහිටි ශ්‍රී සම්බුද්ධ රාජ මාළිගාවේ ඉහළ මාලයේ සඳුන් කුටියේ තැන්පත්ව සිට වැඩම කොට වදාළ අති උතුම් සර්වඥ ධාතූන් වහන්සේ(ලා) රථ පෙරහැරින් මංගල මහා සෑ මළුව වෙත වැඩමවා ලලාට ධාතූන් වහන්සේ ප්‍රමුඛ උතුම් ධාතූන් වහන්සේලා මහා පුද පූජාවන්ගෙන් පුද දී කරඬු වහන්සේ මැනවින් සරසන ලද අලි ඇතුන් පිරිවරාගත් මහා ඇත් රජු පිට ගෞරව පුරස්තරව වඩා හිඳුවා උඩරට, පහතරට, සබරගමු ශ්‍රාස්ත්‍රීය පූජා නර්තන, මංඟුල් බෙර හේවිසි නාද සහිත පංචතූර්ය නදින් ද, නොයෙක් මලින්, සුවඳින් ද පූජෝපහාරයන් පවත්වමින් මෙම විල්ගම්වෙහෙර මහා සෑ මළුව දක්වා දහස් සංඛ්‍යාත සැදැහැවතුන්ගේ මහා පුද පෙළහර සාදුකාර මධ්‍යයේ වැඩම කරවා මහා සෑ ගර්භයේ අභිනවයෙන් තැනවූ ශෛලමය ධාතු කුටිය තුළ මහා සඟරුවනේ සෙත් පිරිත් සජ්ඣායනය මධ්‍යයේ තැන්පත් වූ සේක.

මේඋතුම් පුණ්‍යභූමිය දිනෙන් දින ප්‍රතිසංස්කරනය වෙමින් අතීත ශ්‍රී විභූතිය අප දෙනෙත් අබියස යළි විරාජමානවීම පිණිස තුනුරුවනේ අනන්ත ආශීර්වාදය හේතු වාසනා වේවා
ඒ සඳහා පින් කැමති සියලු දෙව් බඹුන්ගේ ද සැදැහැති සිව්වනක් ශ්‍රාවකයින්ගේ ද උපකාර සැලසේවා

තෙරුවන් සරණයි

සේරුවිල විල්ගම්වෙහෙර ධාතු මහා පෙරහැර සහ ධාතු නිධානෝත්සවයේ විශේෂ අවස්ථා

2016-11-25T12:12:02+00:00

සේරුවිල විල්ගම්වෙහෙර ධාතු මහා පෙරහැර

සේරුවිල විල්ගම්වෙහෙර ධාතු මහා පෙරහැර මුළු මහත් තුන් ලොවට සැනසුමේ මග කියා දී දෙව් මිනිස් සත් වගට දෙලොව සෙත සදාලූ සියලු ආකාරයේ පුද පූජාවන්ට සුදුසු වූ අපගේ ශාස්තෘ වූ  දිවමන් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ හා [...]

2016-11-25T12:12:02+00:00

ධාතු මහා පෙරහැර සහ උතුම් ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනය…

ධාතු මහා පෙරහැර සහ උතුම් ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනය... වසර 2200කට පෙර සේරුවිල මංගල මහා සෑ රජුන් සමීපයෙහි ඉදි වූ (සේරුවිල මංගල මහා සෑ රජුන් ඉදිවීමට පෙර ) රුදුරු ආක්‍රමණයන්ගෙන් මෙන් ම කාලයාගේ ඇවෑමෙන් නටබුන් ව [...]