යශෝධරා මහ රහත් තෙරණිය | Shraddha TV

ශ්‍රද්ධාවන්ත පින්වත්නි,

ආදරය කියන වචනය අහලා තියෙනවා බනකට අහලා නෑ නේද?. අද මම ආදරය කියන වචනය බනකට කියලා දෙනවා. එතකොට හාමුදුරු කෙනෙක් ආදරය කියන වචනේ බනකට කියන වචනය බනකට තෝරාගත්තා කියලා ඹයාලට මොනවහරි හිතුනොත් බණ අහලා ඉවර වුනාට පස්සේ හිතන්න, හාමුදුරුවෝ ඒක කියප එක වැරදිද කියලා. මේ ලෝකේ ලස්සනම, හොඳම ආදරවන්තයන් දෙදෙනා මං දැක්කේ සිදුහත් කුමාරය යි, යශෝධරා දේවියයි. ඒ ආදරේ පටන් ගත්තේ අද ඊයේ නෙවෙයි.  ඔයාලා අහලා තියෙනවද අපගේ බෝධිසත්වයන් වහන්සේ නියත විවරණ ගත්තේ දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාද මූලයේ කියලා. ඒ තාපසයන් වහන්සේ මඩ වගුරේ දිගා වෙලා ඉන්න කොට බුදුරජාණන් වහන්සේ දේශණා කරනවා මේ දිගා වෙලා ඉන්න තාපසයා තව අසංඛෙයිය කල්ප ලක්ෂ හතරකින් පස්සේ ගෞතම නමින් බුදු වෙනවා කියලා විවරණ දෙනවා. අහසේ මල් වැසි වැටෙනවා ඒ වෙලාවේ, එතකොට මිනිස්ස් අතර හිටයා කෙල්ලෙක්. බුදුරජාණන් වහන්සේට පූජා කරන්න නෙලුම් මල් මිටක් ගෙනල්ලා තිබ්බා. ඒ කෙල්ල අර දිගා වෙලා හිටපු තාපසයන් වහන්සේට මල් මිට දුන්නා බුදුරජාණන් වහන්සෙට පූජා කරන්න කියලා. අර බිම දිගා වෙලා ඉන්න තාපසයා අර කෙල්ලගේ අතින් මල් මිට අරන් දීපංකර බුදුරජාණන් වහන්සේගේ රත්තරන් පාට සිරි පතුල ලග තියෙනවා. අන්න මල් ටික දීපු කෙල්ල තමයි යශෝධරා. එතනින් පටන් ගත්තේ. ඉපදෙන ඉපදෙන ජීවිතයේ බිරිඳ වෙනවා. ඒක පුදුම ආදරයක්.

බෝසතාණන් වහන්සේ එක්තරා කාළෙක ඉපදිලා මහෞශධ කියලා. අම්මගේ බඩෙන් ඉපදෙන කොටම අතේ සඳුන් ගැටයක් තියාගෙන. ඒ සඳන් උර ගාලා ඕනම ලෙඩෙක්ගේ නළලේ ගාපු ගමන් ඒ ලෙඩාගේ ලෙඩේ සුව වෙනවා. මහා ඹෞශධයක් අතින් අරන් ඉපදුනා කියන අර්ථයෙන් මහෞශධ කිව්වා. හරි ප්‍රඥාවන්තයි. ඔයාලා අහලා ඇති බෝසතාණන් වහන්සේ අවුරුදු දහසය වෙන කොට හොදට ප්‍රඥාවන්තයි. ඇග පත හොදට තියෙනවා. ඊට පස්සේ රජ බිසව කිව්වා පඩිතුමනි ඔබට විවාහයක් කරගන්න සුදුසුයි කියලා. ඊටපස්සේ කිව්වා ඔයාලා හොයල දෙන කෙනා නම් මට හරියන්නේ නෑ. මං හොයාගන්නම් කිව්වා. ඉතින් මේ කුමාරයා වෙස් මාරු කරගෙන ඇදුම් මහන කෙනෙක් විදියට ගමින් ගමට යනවා. එතකොට ගමින් ගමට යනකොට කොච්චර ගෑනු ළමයින් දකින්න ඇතිද? ඊට පස්සේ තරුණයා මෙහෙම යනකොට ඔලුවේ භාජනයක් තියාගෙන අවුරුදු දහසයක කෙල්ලෙක් පාරේ එනවා. ඒ ගෑණූ ලමයා දැක්ක ගමන්ම හිත ගියා. මෙයා නම් හරි යනවා කියලා. ඒ ගෑණු ළමයටත් මේ බෝධිසත්වයන් දැක්ක ගමන්ම හිත ගියා.

 

අසිරිමත් දමසක මුල් පිටුවට

යශෝධරා මහ රහත් තෙරණිය | Shraddha TV

By | 2017-07-06T15:17:47+00:00 July 6th, 2017|Comments Off on යශෝධරා මහ රහත් තෙරණිය | Shraddha TV

About the Author:

ශ්‍රද්ධා රූපවාහිනිය ශ්‍රීලංකාවේ සිට විකාශනය කරනු ලබන බෞද්ධ රූපවාහිනී නාලිකාවකි. භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ මිහිරි ශ්‍රී සද්ධර්මය ඒ අයුරින් ලොවට දායාද කිරීම ශ්‍රද්ධා රූපවාහිනියේ මූලික අරමුණයි. ඒ තුළින් මිනිසුන්ගේ සිත් සතන් තුළ කරුණාව මෛත්‍රිය ආදී ගිලිහෙමින් යන මානුෂීය ගුණ ධර්ම ඇතිකරලීමත්, මිනිසුන් සසර දුකින් එතෙර කරවනු පිණිස ලෝකය විනිවිද දැකීමේ ප්‍රඥාව පුබුදුවාලීමත්, ශ්‍රද්ධා රූපවාහිනියේ අරමුණයි. ශ්‍රී සද්ධර්මය ලොවට දායාද කිරීමට අමතරව මිනිසුන් සුවපත් කරවන නොයෙක් සමාජ සත්කාරයන් ද ශ්‍රද්ධා රූපවාහිනිය මගින් සිදු කරනු ලැබේ.