යොවුන් දහම් සක්මන 2017 | නෙළුම් පොකුණ 2017-02-16T14:42:33+00:00

දරණීය දුවේ පුතේ, අපි හැමෝම මේ සමාජයේ කොටස් කරුවෝ. ඒ නිසා සමාජය තුළ මෙන්ම සාමාන්‍ය ජන ජීවිතය තුළ සිදුවෙන බොහෝ වෙනස්කම් ඍජුවම හෝ වක‍්‍රව අපට බලපානවා. ඒ බලපෑම් අතර හොඳ දේ, නරක දේ, අකමැති දේ, කැමති දේ මේ හැම දෙයක් ම තියෙනවා. ඉතින් දරුවනේ ඒ දේවල් අතරින් හොඳ දේ යහපත් දේ තෝරා ගන්න එකම ලොකු අභියෝගයක්.

ප‍්‍රිය දේ සැම විටම සොඳුරු නොවේ..


අසාතං සාත රූපේන – පිය රූපේන අප්පියං
දුක්ඛං සුබස්ස රූපේන – පමත්ත මතිවත්ති

මේ භාග්‍යවතුන් වහන්සේ වදාළ ගාථාවක්. එහි තේරුම තමයි :

‘‘අමිහිරි දේවල් මිහිරි ස්වරූපයෙන්, අප‍්‍රිය දේවල් ප‍්‍රිය ස්වරූපයෙන්, දුක් දේවල් සැප ස්වරූපයෙන් ප‍්‍රමාදී පුද්ගලයාව යටකර ගෙන යන්නේය”

එයින් අපට තේරෙන්නේ අප කරා එන දේවල්වල බාහිර පෙනුමට වඩා හාත්පසින් ම වෙනස් ස්වරූපයක් ඒවා අභ්‍යන්තරයේ පවතින බවයි.

ඒ මහා කරුණාවේ රැකවරණය ලබමු..

එනිසා ඒ සියල්ලම තෝරා බේරාගෙන යා යුතු ඉදිරි ගමන සුන්දර කරගැනීමට අපට නිවැරදි මඟ කියාදෙන කලණ මිතුරෙකු අවශ්‍යයම යි.

සියලූ ලෝ වැසි සත්ත්වයන් වෙත පතල මහා කරුණාවෙන් ජීවන ගමනේ නිවැරදිම මඟ කියාදුන්නේ අපගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේයි. උන්වහන්සේ දෙසූ ඒ මිහිරි ශ‍්‍රී සද්ධර්මය මේ පින්බිමේ තවමත් සුරක්ෂිතයි. අපි හැමෝම වාසනාවන්ත වෙන්නේ අන්න ඒ නිසයි.

නමුත් රාගයේ, ද්වේශයේ, මෝහයේ අණසකට අවනතව බොහෝ කාලයක් ආපු අපට එක්වරම නිවැරදි මඟ හොයාගන්න බොහා්ම අපහසුයි. ඒ නිසයි කලණ මිතුරෙකුගේ මඟ පෙන්වීම අවශ්‍ය වන්නේ.

එන්න කලණ මිතුදමේ සෙවණට…

ලෝකය යන අතට යන්න හරිම ලේසියි. හරියට ගලායන ගඟ දිගේ පහළට යනවා වගේ. නමුත් එවැනි ගමනක අවසානයට ඉතිරි වන්නේ රාගයෙන්, ද්වේශයෙන්, මෝහයෙන් අන්ධ වෙච්ච අඳුරු ලෝකයක් විතරයි. නමුත් යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ මඟ අනුව ගමන් කරනවානම් ඒක හරියට ගං දියෙහි උඩුගං බලා යන ගමනක් වගෙයි. ගොඩක් අමාරුයි, හැබැයි පුළුවන්.

අන්න ඒ පටිසෝතගාමී ගමනට උදව් කිරීමට තමයි රූපවාහිනිී කලණ මිතුරා ශ‍්‍රද්ධා රූපවාහිනිය අපි වෑයම් කරන්නේ.

සොඳුරු තාරුණ්‍යය අඳුරු කර නොගනිමු…

පෙබරවාරි 14 තරුණ ලෝකය මුලා කරමින් තම පටු වාණිජ අරමුණු ක‍්‍රියාත්මක කරගැනීමට වෙහෙසෙන කූට වෙළඳුන්ගේ මඩි තර කර ගන්නට යොදාගන්නා තවත් දවසක්.

ඉතින් එවැනි දවසක ඔබේ ආදරය විකිණෙන්න ඉඩ හරිනවාද?

සැබෑ ආදරයේ අරුත දකිමු…

අඳුරේ දකින කණාමැදිරි එළිවලට නොරැවටෙමින් සැබෑම ආලෝකයෙන් දීප්තිමත් වුණ සැබෑම ආදරය දකින්න අප සරණ ගිය බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවක දරුවෙක් ලෙසින් ලෝකය දිනන්නට අප හා එක්වන්න

පෙබරවාරි 19 සවස 02.00 ට

නෙළුම්පොකුණ රඟහලට නොවැරදීම එන්න.

විමසීම් : 071 77 55 217 | 071 77 55 207

ඇතුලුවීම නොමිලේ

මෙම පණිවිඩය මිතුරන් අතරේ බෙදා හරින්න..