fbpx

About us

ශ්‍රද්ධා රූපවාහිනිය ශ්‍රී ලංකාවේ සිට විකාශය කරනු ලබන බෞද්ධ රූපවාහිනී නාලිකාවකි. භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ මිහිරි ශ්‍රී සද්ධර්මය ඒ අයුරින් ලොවට දායාද කිරීම ශ්‍රද්ධා රූපවාහිනියේ මූලික අරමුණයි. ඒ තුළින් මිනිසුන්ගේ සිත් සතන් තුළ කරුණාව මෛත්‍රිය ආදී ගිලිහෙමින් යන මානුෂීය ගුණ ධර්ම ඇතිකරලීමත්, මිනිසුන් සසර දුකින් එතෙර කරවනු පිණිස ලෝකය විනිවිද දැකීමේ ප්‍රඥාව පුබුදුවාලීමත්, ශ්‍රද්ධා රූපවාහිනියේ අරමුණයි. ශ්‍රී සද්ධර්මය ලොවට දායාද කිරීමට අමතරව මිනිසුන් සුවපත් කරවන නොයෙක් සමාජ සත්කාරයන් ද ශ්‍රද්ධා රූපවාහිනිය මගින් සිදු කරනු ලැබේ. 

MOST VEN. KIRIBATHGODA GNANANANDA THERO

The Founder of Shraddha TV and Mahamevnawa Monastery

මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ මෙන්ම ශ්‍රද්ධා රූපවාහිනි‍යේ ද නිර්මාතෘවරයාණන් වහන්සේ වන්නේ අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ යි. එසේ ම රූපවාහිනිය ආරම්භ කොට පවත්වාගෙන යනු පිණිස තවත් පින්වත් ස්වාමීන් වන්සේලා ඇතුළු බොහෝ ගිහි පින්වතුන් ශ්‍රමයෙන් ධනයෙන් හැකියාවන්ගෙන් දායක වෙති. විශේෂයෙන් ශ්‍රද්ධා අධ්‍යක්ෂ මණ්ඩලය, කාර්ය මණ්ඩලය සහ මාසික ධර්මදාන සාමාජිකයින් ඇතුළු ඒ සියලු පින්වතුන්ගේ වෙහෙස ශ්‍රද්ධා ඔබ වෙත දායාද කිරීමට මහෝපකාරීය..

මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ අන්තර්ජාල ධර්ම ප්‍රචාරක කටයුතු සිදු කරන වෙබ් අඩවි සඳහා පිවිසෙන්න.

MOST VEN. ALUDENIYE SUBODHI THERO

Chief Incumbent Seruwila Mangala Rajamaha Viharaya

Chairman of
Shraddha TV

Mr. Sudath Annasiwaththa

A member of Shraddha Director board

Mr. Sunny Fernando

A member of Shraddha Director board

 Mr. Indika Devendra

A member of Shraddha Director board

Mr. Tissa Gunawardena

Chief Executive Officer Of Shraddha TV

Mr. Prasad Binuwara

Head of HR & Operations

Mr. Kasun Srimal Pathirana

Channel Head Of Lakviru Radio

Mr. Amila Abeyrathna

Channel Head Of Shraddha TV

Mr. Sri Thiwanka Jayasinghe

“දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා අට්ඨංගමග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූති”

“දසබලයන් වහන්සේ නැමති ශෛලමය පර්වතයෙන් පැන නැගී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි,
උතුම් ශ්‍රී මුඛ බුද්ධවචන ගංඟාව ~ ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින් ~ බොහෝ කල් ගලා බස්නා සේක්වා! “

Shraddha TV, No:369, Rajasinghe Mawatha, Hewagama, Kaduwela (10640), Sri Lanka | Tp: +94 112 571 471 | Fax: +94 112 548400 | Email: info@shraddha.lk