ව්‍යවහාරික වර්ෂය සෙත්පතා පැවැත් වූ විශේෂ ධර්ම දේශනාව… 2017 | 12 | 31 2018-01-02T09:51:05+00:00

Project Description

ව්‍යවහාරික වර්ෂය සෙත්පතා පැවැත් වූ විශේෂ ධර්ම දේශනාව… 2017 | 12 | 31

උදා වූ ව්‍යවහාරික වර්ෂය සෙත්පතා වාර්ෂිකව ශ්‍රද්ධා මාධ්‍යජාලය මඟින් පවත්වන වැඩසටහන් මාලාවේ පරිත්‍රාණ ධර්ම දේශනාවට සමගාමීව පැවැත් වූ විශේෂ පුණ්‍යානුමෝදනා ධර්මදේශනා වැඩසටහන. ශ්‍රද්ධා මාධ්‍යජාලය පත්වාගෙන යාමට නිරතුරුව කැපවන ධර්මදාන සාමාජිකයන් ඇතුළු සියලු පින්වතුන් උදෙසා සෙත්පතා පැවැත් වූ මෙම විශේෂ ධර්ම දේශනාවෙන් රැස් වූ සියලු පින්,
බඹලොව බ්‍රහ්ම රාජයින්ටත්, සදෙව්ලෝවාසී දෙව්වරුන්ටත්, නාලොව නාගයින්ටත් අපගේ ඉෂ්ටකාමී දෙවිවරුන්ටත් අනුමෝදන් වෙත්වා! එමෙන්ම මේ සියලු ධර්මදානමය පින්කම් සඳහා යෝධ සෙවණැල්ලක් වෙමින් අපහට නිති ආශිර්වාද කරනා අපගේ ගුරුදේවෝත්තම කල්‍යාණමිත්‍ර පින්වත් ලොකු ස්වාමින් වහන්සේටත් මහමෙව්නාව භාවනා අසපුවාසී පින්වත් මහා සඟරුවනටත් අනගාරිකා මෑණිවරුන්ටත් පැවිදි අපේක්ෂක දරුවන්ටත් මෙකී කටයුතු සඳහා නන් අයුරින් උපකාර කළ දෙස්විදෙස්හි වෙසෙනා සියලුම පින්වතුන්ටත් දැකබලා සතුටුවන පින්වත් ඔබ සැමටත් එකසේ අනුමෝදන් වෙත්වා! මේ ගෞතම බුදුසසුන තුළදීම උතුම් ධර්මාවබෝධය කිරීමේ වාසනාව උදා වෙත්වා!

Leave A Comment