සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනය. 2017 | 12 | 31 2018-01-02T09:56:15+00:00

Project Description

සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනය. 2017 | 12 | 31

උදා වූ ව්‍යවහාරික වර්ෂයට සෙත්පතා වාර්ෂිකව ශ්‍රද්ධා මාධ්‍යජාලය මඟින් පවත්වන වැඩසටහන් මාලාවේ සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව 2017-12-31 වන දින රාත්‍රියේ සිට පසුදා පහන් වනතුරු ශ්‍රද්ධා මාධ්‍යජාලය සුපිහිටි කඩුවෙල මහමෙව්නාව බෝධිඤාණ භාවනා අසපුවේ දී පැවැත්විය.

රැස් වූ සියලු පින් බඹලොව බ්‍රහ්ම රාජයින්ටත්, සදෙව්ලෝවාසී දෙව්වරුන්ටත්, නාලොව නාගයින්ටත් අපගේ ඉෂ්ටකාමී දෙවිවරුන්ටත් අනුමෝදන් වෙත්වා! එමෙන්ම මේ සියලු ධර්මදානමය පින්කම් සඳහා යෝධ සෙවණැල්ලක් වෙමින් අපහට නිති ආශිර්වාද කරනා අපගේ ගුරුදේවෝත්තම කල්‍යාණමිත්‍ර පින්වත් ලොකු ස්වාමින් වහන්සේටත් මහමෙව්නාව භාවනා අසපුවාසී පින්වත් මහා සඟරුවනටත් අනගාරිකා මෑණිවරුන්ටත් පැවිදි අපේක්ෂක දරුවන්ටත් මෙකී කටයුතු සඳහා නන් අයුරින් උපකාර කළ දෙස්විදෙස්හි වෙසෙනා සියලුම පින්වතුන්ටත් දැකබලා සතුටුවන පින්වත් ඔබ සැමටත් එකසේ අනුමෝදන් වෙත්වා! මේ ගෞතම බුදුසසුන තුළදීම උතුම් ධර්මාවබෝධය කිරීමේ වාසනාව උදා වෙත්වා!

One Comment

  1. lasantha pradeep January 10, 2018 at 10:18 am - Reply

    Saadu……..saadu……..saadu……anumoodaami theruvansaranai. Namoobuddaya

Leave A Comment