අම්බලට්ඨික රාහුලෝවාද සූත්‍රය | කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ 2018-02-02T17:23:52+00:00

Project Description

අම්බලට්ඨික රාහුලෝවාද සූත්‍රය | කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

ශ්‍රද්ධාවන්ත පින්වත්නි,

බොරු නොකීම කියන ​සිල් පදය මත තමයි සියලු සිල් තියෙන්නේ. සියලු ගුණ තියෙන්නේ බොරු නොකීම මත. බුදුරජාණන් වහන්සේ ඔබ දන්නවා අසංඛෙයිය කල්ප ලක්ෂ ගණන් පාරමී පිරුවා. සියලු පාරමී තිබුණේ එක පාරමිතාවක් මතයි. ඒ තමයි සත්‍ය පාරමිතාව, සත්‍ය පාරමිතාව මත තමයි අර සියලු පාරමී වැඩුනේ. උන්වහන්සේගේ  ජීවිතය තුල බොරු කියලා නෑ සංසාරේ. ඒකයි ගුණ වැඩුනේ. අද වැඩෙන්නේ නැත්තේ ඇයි? කෙළවරක් නෑ බොරු කියනවා. පැවිද්දොත් තරගෙට බොරු කියනවා. ගිහියොත් තරගෙට බොරු කියනවා. ඉහලා ඉදලා රටේ නායකයගේ ඉදලා පුංචි දරුවා දක්වා බොරු කියනවා. බොරු කිය කියා බොරු අනුමෝදන් වෙවී යනවා. පසුගිය දවස්වල මම බිබිල මහියංගනේ පැත්තේ වැඩියා පින්කම් වගේකට. වාහන වලත් ගහලා සියලු බුදුවරු උපදින දේශය ලංකාවයි කියලා. එහෙනම් බුදුරජාණන් වහන්සේ විතරක් නෙවෙයි උපදින්නට ඕනේ. එහෙනම් සොලොස්මහා ජනපදත් මෙහේ. එහෙනම් දේවදත්ත බුදුරජාණන් වහන්සේට ගල් පෙරලලා තියෙන්නේ කොහේද? ඒත් මෙහේ. නාලාගිරි ඇත් රජාට රා පොවලා එවලා තියෙන්නේ කොහේද? ඒත් මෙහේ. පටාචාරා දුවගෙන ඇවිත් තියෙන්නේ අචිරවතී ගගෙන් පැනගෙන කොහෙද? ඒත් මෙහේ. එතකොට අනේපිඩුසිටුතුමාත් මෙහේ. රජගහනුවර සිටුතුමාත් මෙහේ. විශාඛාත් මෙහේ. එතකොට විරූඩභ සංහාරය වෙලා තියෙන්නේ කොහේද? ඒත් මෙහේ. ශාක්‍ය සංහාරය එතකොට වෙලා තියෙන්නෙත් මෙහේ.  ඒ විතරද හිමාලය, ශිව, විශ්ණු, කාලි, දුර්ගා, ගනේෂ් ඔක්කොම එහෙනම් උන්දලත් මෙහේ.  එක බොරුවක් සමාදන් වුනොත් සියලු දේ හිස් වෙනවා. මිනිස්සුන්ට මෙච්චර මොලේ නෑ. ඒ මිනිස්සුන්ට ඕනේ බුදුරජාණන් වහන්සේ ඉපදුනා කියන නම්බුව ගන්න. ඔක්කොම බොරු ටික ගොතන්න වෙනවා ඒක තහවරු කරන්න. එතකොට ඒක අනුමෝදන් වෙවී යනවා. ඊලගට විශාඛාඋපාසක සූත්‍රයේ තිබ්බා රහතන් වහන්සේලා දිවි හිමියෙන් විකාල භෝජනය කරන්නේ නෑ. මෙකල රහතන් වහන්සේලාට දායකයොම රෑට ගිහින් දෙනවා. එතකොට ඒ මොකක්ද බොරු. බොරුව වැඩිවෙන්න වැඩිවෙන්න, අනුමෝදන් වෙන්න අනුමෝදන් වෙන්න බොරු පතුරුවන්න පතුරුවන්න පිරිහීමේ වේගය අතිශයින්ම බලවත් වෙනවා. පිරිහීම වේගවත් වෙනවා. දැන් ඔය මගඵල දෙනවා කියන පිරිසයි, ඔය බුදුරජාණන් වහන්සේ මෙහේ උපන්නයි කියන පිරිස එකම දේකට උදව් කරනවා මොකක්ද ඒ වේගෙන් පිරිහෙන්න. වේගෙන් පිරිහෙනවා වළක්වන්න බෑ. මේ කියන අකුරක් පාසා ඇත්ත වෙනවා. මොකද අපි ආස කරන්න ඕන බොරුවට නෙවෙයි. අපි ආස කරන්න ඕන සත්‍යයටයි.

පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් පවත්වනු ලැබූ ධර්ම දේශණා

අම්බලට්ඨික රාහුලෝවාද සූත්‍රය | කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

Leave A Comment