අංගුලිමාල මහා ඉසිවරයාණන් වහන්සේ 2015-10-30T13:50:46+00:00

Project Description

අහිංසක බවේ ප්‍රතිමූර්තිය, අංගුලිමාල ඉසිවරයාණෝ

අවිහින්සාවේ ප්‍රතිමූර්තිය වුයේ අංගුලිමාල ඉසිවරයාණන් වහන්සේය. මහා කාරුණික භාග්‍යවතුන් වහන්සේගේ පුරිස දම්ම සාරථී ගුණය ඉස්මතු කරමින් බුදු සිරිපතුල් පාමුල දමනය විමට පෙර තුන් යොදුන් පුරා කඩුවක් අමෝරා දිව ආවේ නිවන සොයා බව කිසිවෙක් නොසිතු අතර කොසල් රජු සේනා සමග මේ අංගුලිමාල හසුකර ගැනිමට පැමිනි නමුත් හුදකලාවේ මහා වනයට වැඩමකොට වදාළ අප බුදු රජුන් මේ අංගුලිමාල දමනය කොට වදාළේ කඩුවට,අවියට වඩා මේ දහම ලොව තුල සැනසීම උදාකරන බව පෙන්වමින්ය. ආර්ය ජාතියේ උපන්දා සිට ප්‍රාණ ඝාතයක් සිදු නො කළ බව හෙලි කරමින් සත්‍යක්‍රියාවක් සිදු කල අතර වසර 2000ක් ගතවුව ද, ඒ සත්යක්‍රියාව අදටත් මහත් බැලති වනුයේ මේ අසිරිමත් අහින්සක ඉසිවරයාණන්ගේ තේජ ආනුභාවයෙනි. මේ අහින්සක බවේ ප්‍රතිමූර්තිය වු අංගුලිමාල ඉසිවරයාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා!!

Project Details

Categories:

Leave A Comment