ශ්‍රද්ධා බොදු ගී සරණිය 2017 2017-11-09T10:09:38+00:00

Project Description

ශ්‍රද්ධා බොදු ගී සරණිය 2017

ශ්‍රී ලාංකීය කලා ක්ෂේත්‍රයෙන් වියැකී යන සුභාවිත බොදු ගීත කලාවට යළි ජීවයක් ලබා දෙනු පිණිස පසුගිය වෙසක් මංගල්‍යයට සමගාමීව ශ්‍රද්ධා රූපවාහිනිය මගින් ආරම්භ කළ ශ්‍රද්ධා බොදු ගීපද රචනා තරගාවලියේ අවසන් වටය පසුගිය නොවැම්බර් 06 දින කඩුවෙල, හේවාගම ශ්‍රද්ධා නාලිකා පරිශ්‍රෙය්දී පැවැත්විය. හරසුන් රියැලිටි රැල්ලට හසු වී යන ශ්‍රී ලාංකීය රසික හදවත් තුළට හරවත් සුභාවිත බොදු ගීතයේ වටිනාකම සම්ප්‍රේෂණය කරමින් ද නිර්මාණශීලී නවක ගීපද රචකයින්ට අත්වැලක් වෙමින් ද තවත් අරුත්බර් බොදු ගී සමුච්ඡයක් ලාංකීය ගීත ක්ෂේත්‍රයට දායාද කරන්නට එදින හැකි විය. මෙම වටිනා ජාතික මෙහෙවර සාර්ථක කරගනු පිණිස අප හට නිබඳ ආශිර්වාද කරනා අපගේ ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට සහ අනුශාසනා ලබා දෙමින් මෙම කටයුතු සඳහා කැප වූ මහමෙව්නාව භාවනා අසපුවාසී පින්වත් මහා සඟරුවනටත් අප රැස් කරනා සියලු පින් අනුමෝදන් වෙත්වා! එමෙන්ම මෙම බොදු ගී සමුච්ඡය සංගීතවත් කළ සංගීතවේදීන්ටත් ගායන ශිලිපී මහත්මමහත්මීන්ටත්, පද රචනා සිදු කළ සියලු දෙනාටත් නන් අයුරින් උපකාර කළ සැමටත් දැක බලා සතුටු වන ඔබ සැමටත් එකසේ පුණ්‍යානුමෝදනා වෙත්වා!


 dakunu lakata shraddha 

Leave A Comment