කුමක් දුන්නාමද? කිංදද සූත්‍රය | වස්සානයෙන් ඇරඹි ධර්ම දේශනා අනුරාධපුර 33 2017-11-07T16:37:10+00:00

Project Description

කුමක් දුන්නාමද? කිංදද සූත්‍රය | වස්සානයෙන් ඇරඹි ධර්ම දේශනා අනුරාධපුර 33

ශ්‍රද්ධාවන්ත පින්වත්නි,

අද දවසේ අපි ඔබට කියලා දෙන්න බලා පොරොත්තු වෙනවා සංයුත්ත නිකායේ දේවතා සංයුත්තයේ තියෙන ලස්සන සුන්දර ධර්ම දේශනාවක්. දෙවිකෙනෙක් ඇවිල්ලා මේ ප්‍රශ්ණ ටික අහන්නේ බුදුරජාණන් වහන්සේගෙන්. අපේ ප්‍රශ්ණයි දෙවිවරුන්ගේ ප්‍රශ්ණයි වෙනස හොදට ඉගෙන ගන්න පුලුවන්. අපේ ප්‍රශ්ණ මහ තේරුම් නැති දේවල් සමහරවිට. හැබැයි දෙවිවරු කෙළින්ම අහනවා කෙළින්ම උත්තරේ ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ ඉන්න කොට රාත්‍රියේ මැදියම් රැයේ මුලු අහසම බබුලුවාගෙන එක දෙවි කෙනෙක් බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ආවා. අන්න ඒ වෙලාවේ අහපු දහම් ප්‍රශ්ණ වලට දේශණා කරපු දහම් පද තමයි මේ සූත්‍ර දේශණාවේ ඇතුලත් වෙන්නේ. කුමක් දුන්නාමද කියන කාරණය ගැන වදාළ දෙසුම. දේශණාවේ නම තමයි කිංදද සූත්‍රය. බුදුරජාණන් වහන්සේ ඉදිරියේ පෙනී හිටපු මේ දෙවියා බුදුරජාණන් වහන්සේට සකසලා වන්දනා කළා. වන්දනා කරලා එකත්පස්ව හිටගත්තා. මේ එකත්පස්ව හිටගත් මේ දෙවියා ප්‍රශ්ණ කිහිපයක් අහනවා බුදුරජානන් වහන්සේගෙන්. ස්වාමීනී, සුගතයන් වහන්ස කුමක් දුන්නාමද බලය දුන්නා වෙන්නේ? කියලා ඇහුවා. ඊලගට අහනවා කුමක් දුන්නාමද හැඩරුව දුන්නා වෙන්නේ කියලා ඇහුවා. ඊලගට දෙවියා අහනවා කුමක් දුන්නාමද සැපය දුන්නා වෙන්නේ කියලා අහනවා. ඊලගට දෙවියා අහනවා කුමක් දුන්නාමද ඇස් දුන්නා වෙන්නේ කියලා අහනවා.

ඊලගට අහනවා මේ ඔක්කෝම දේවල් දෙන්නේ කුමක් දීමෙන්ද කියලා ඇහුවා. සියල්ලා දුන්නා වෙන්නේ මොනවා දුන්නොත්ද? අනේ ස්වාමීන් සුගතයන් වහන්ස මෙන්න මේ ප්‍රශ්ණ ටිකට මට පිළිතුරු දෙන සේක්වා කියලා ඇහුවා. අපි ඇහුවානම් අහන්නේ මොනවද? බුද්ධ පූජාවක් තියලා කෑවට කමක් නැද්ද. ඔන්න අපේ ප්‍රශ්ණ. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස පහන තියන්න ඕනෑ පිළිමේ පැත්තටද? අනිත් පැත්තටද? ඕන් අපේ ප්‍රශ්ණ. වෙලාවට අපි හිටියේ නෑ ඒ කාළේ. බලන්න දෙවි කෙනෙක්ගේ ප්‍රශ්ණ. හරිම සෘජුයි. කෙළින්ම කතා කරනවා. අපි එහෙම ඇහුවා නම් ස්වාමීණි රතන සූත්‍රය ගෙදර කිව්වට කමක් නැද්ද? කියලා අහයි. තිරෝකුඩ්ඩ සූත්‍රයේ තියෙනවා මියගිය කෙනා ප්‍රේත ලෝකේ ඉපදුනොත් ඒ සැනින් දොර මුල්ලේ හිටගන්නවා කියනවා. බිත්ති අස්සේ ඉන්නවා කියනවා. ඇද යට ඉන්නවා කියනවා. මේසේ යට අල්මාරියේ අස්සේ ඉන්නවා කියනවා. ඉතින් ගෙදර අය කකා බිබී ඉන්න එක බලලා අනේ මට නෑනේ. මෙයාලා කකා බිබී ඉන්නවනේ. මම මැරුණ එක ගානක් වත් නෑනේ කියලා කරදර කරන්න පටන් ගන්නවා.

වස්සාන ධර්ම දේශනා මුල් පිටුවට

කුමක් දුන්නාමද? කිංදද සූත්‍රය | වස්සානයෙන් ඇරඹි ධර්ම දේශනා අනුරාධපුර 33

Leave A Comment