මසුරු බවෙහි අඳුරු විපාක | වස්සානයෙන් ඇරඹි ධර්ම දේශනා අනුරාධපුර 34 2017-11-09T13:07:04+00:00

Project Description

මසුරු බවෙහි අඳුරු විපාක | වස්සානයෙන් ඇරඹි ධර්ම දේශනා අනුරාධපුර 34

ශ්‍රද්ධාවන්ත පින්වත්නි,

අද අපි ඔබට ලස්සන සූත්‍ර දේශණාවක් කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. මේ සූත්‍ර දේශනාව තියෙන්නේ සංයුත්ත නිකායේ. දේශණාවේ නම මසුරු පුද්ගලයා ගැන වදාළ දෙසුම මච්ඡරී සූත්‍රය. ඔන්න දැන් මං කවුද කියලා තම තමන්ටම මැන ගැන්ට පුලුවන් දේශණාව අවසාන වෙනකොට. මම කවුද? මම කොතැනද? මම කොයිබටද? කියලා දැනගන්න පුලුවන්. මට මොනවා වෙයිද කියලා හොයාගන්න පුලුවන්. කෙසේ වෙනස් විය යුතුද? වෙනස් නොවුනොත් මට මොකක් වෙයිද? කියලා දැනගන්න පුලුවන්. බුදුරජාණන් වහන්සේ ගාවට දෙවි කෙනෙක් එනවා. දෙවි කෙනෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරනවා. වන්දනා කරලා එකත්පස්ව හිට ගන්නවා. එකත්පස්ව හිටගෙන මේ දෙවියා බුදුරජාණන් වහන්සේගෙන් මෙන්න මෙහෙම අහනවා. බුදුරජාණන් වහන්සේ ලග මෙහෙම ප්‍රකාශයක් කරනවා. මේ දෙවියා කියනවා මේ ලෝකේ ඉන්නවා මසුරු කම් කරන උදවිය. එයාලා හරීම ලෝභයි. අනුන්ට අපහස කරනවා කියනවා. දන් දෙන අයටත් දෙන්න දෙන්නේ නෑ කියනවා. ඒ දන් දීම කරන්න දෙන්නේ නෑ. ඔන්න මසුරු මනුස්සයගේ ගතිය. අන් අයට අපහාස කරනවා කියනවා. දෙන අයට දොස් කියනවා කියනවා. ඊලගට බුදුරජාණන් වහන්සේගෙන් අහනවා එවැනි උදවියට ලැබෙන විපාක මොනවද කියලා.

මෙලොවදී මෙයාලට මොනවා වේවීද? පරලොවදී මොනවා වේවීද? භාග්‍යවතුන් වහන්සේ ලගට ආවේ මෙන්න මේ කරුණ දැන ගන්න කියනවා. ස්වාමීණී මෙන්න මේ කරුණ දැන ගන්න තමයි අපි දුරු බැහැර සිට පැමිණියේ කියලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා දෙවියා. අපි අහන ප්‍රශ්ණ වගේ නෙමෙයි. බුදුරජාණන් වහන්සේ තව දුරටත් දේශණා කරනවා මේ ලෝභ කම් කරන උදවිය මැරුණට පස්සේ නරකාදියේ උපදිනවා කියනවා. ඒ කියන්නේ අපායේ උපදිනවා කියනවා. තිරිසන් ලෝකේ උපදිනවා කියනවා.

වස්සාන ධර්ම දේශනා මුල් පිටුවට

මසුරු බවෙහි අඳුරු විපාක | වස්සානයෙන් ඇරඹි ධර්ම දේශනා අනුරාධපුර 34

Leave A Comment