රජරටට ශ්‍රද්ධා සමාරම්භක දිනය 2017-11-18 2017-11-20T11:31:18+00:00

Project Description

රජරටට ශ්‍රද්ධා සමාරම්භක දිනය 2017-11-18

භාග්‍යවතුන් වහන්සේගේ අමිල නිමල සදහම් දායාදය ලොවටම දන් දෙන රූපවාහිනී කලණ මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ලක්දිව රජරට පළාතට සාමාන්‍ය නාලිකාවක් වශයෙන් ව්‍යාප්ත කරනු පිණිස ආරම්භ කළ රජරටට ශ්‍රද්ධා පුණ්‍ය ව්‍යාපෘතියේ සමාරම්භය සනිටුහන් කරමින් ඒ සඳහා උපකාර කළ පින්වත් සියලු දෙනාට පුණ්‍යානුමෝදනා සිදු කරමින් පැවැත්වූ විශේෂ ධර්ම දේශනයක් පසුගිය නොවැම්බර් 18 දින අනුරාධපුර මහමෙව්නාව ධම්මචේතිය භාවනා අසපුවේදී පවත්වන්නට යෙදිණි. භාග්‍යවතුන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය අප මාතෘභූමියේ උතුරමැද පළාත සහ තදනුබද්ධ ප්‍රදේශයන්හි වෙසෙන සුවහසක් ජනතාව උදෙසා දායාද කරනු පිණිස ආරම්භ කළ මෙම උතුම් පුණ්‍ය ව්‍යාපෘතිය මගින් රැස් වන සියලු පින් බඹලොව බ්‍රහ්ම රාජයින්ටත්, සදෙව්ලෝවාසී දෙව්වරුන්ටත්, නාලොව නාගයින්ටත් අපගේ ඉෂ්ටකාමී දෙවිවරුන්ටත් අනුමෝදන් වෙත්වා! එමෙන්ම මේ සියලු ධර්මදානමය පින්කම් සඳහා යෝධ සෙවණැල්ලක් වෙමින් අපහට නිති ආශිර්වාද කරනා අපගේ ගුරුදේවෝත්තම කල්‍යාණමිත්‍ර පින්වත් ලොකු ස්වාමින් වහන්සේටත් මහමෙව්නාව භාවනා අසපුවාසී පින්වත් මහා සඟරුවනටත් අනගාරිකා මෑණිවරුන්ටත් පැවිදි අපේක්ෂක දරුවන්ටත් මෙකී කටයුතු සඳහා නන් අයුරින් උපකාර කළ දෙස්විදෙස්හි වෙසෙනා සියලුම පින්වතුන්ටත් දැකබලා සතුටුවන පින්වත් ඔබ සැමටත් එකසේ අනුමෝදන් වෙත්වා! මේ ගෞතම බුදුසසුන තුළදීම උතුම් ධර්මාවබෝධය කිරීමේ වාසනාව උදා වෙත්වා!  dakunu lakata shraddha 


One Comment

  1. Chandrika Elpitiya November 21, 2017 at 6:18 pm - Reply

    නමෝ බුද්ධාය!
    අනේ හරිම අසිරිමත් පහලවීමක් තමයි මේ සුන්දර නාලිකාව “ශ්‍රද්ධා සුපහන් සිත” වචනයේ පරිසමාප්තියෙන්ම එහෙමමයි..මහා පුණ්‍ය නිධානයක්.මහමෙව්නාව නමැති සුන්දර පැන් පොකුණේ පිපුණ දස දිසවේම සුවඳ හමනා සුපිපි නෙළුම තමයි “ශ්‍රද්ධා”.
    දහම් ගඟ,කුසල් ගඟ,පුණ්‍ය ගංගා පිරි උතුරා ගලා බසිනවා මම දුටුවා මවුබිමෙන් දුරස්ව මේ පුණ්‍යවන්ත වැඩසටහන බල බලා සිටිද්දී.හරිම සතුටුසිතින් සියලුම පුන්යධර්මයන් අනුමෝදන් උනා.වචන කීපයකින් කොහොම කියන්නද මේ ලැබුන ලාභය.පරම උත්තම වූ සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර රත්නය ගෞරවනීය ගුරුද්වොත්තමයන් වහන්සේට නමස්කාර කරමි.අනුත්තර පින්කෙතේ වැඩසිටින ගෞරවනීය මහා සංඝ රත්නයට නමස්කාර කරමි.නමස්කාර වේවා!
    සම්බුදු මහිමය බෙදාදෙන ශ්‍රද්ධා නමැති උතුම් සත්පුරුෂයාට බැතියෙන් නමදිමි සැමදා! නමෝ බුද්ධාය!

Leave A Comment