පහන් සිතින් දන් දුන්නොත්? | වස්සානයෙන් ඇරඹි ධර්ම දේශනා අනුරාධපුර 36 2017-11-14T15:52:40+00:00

Project Description

පහන් සිතින් දන් දුන්නොත්? | වස්සානයෙන් ඇරඹි ධර්ම දේශනා අනුරාධපුර 36

ශ්‍රද්ධාවන්ත පින්වත්නි,

අද දවසේ අපි වස්සාන දේශණාවෙන් බලාපොරොත්තු වන්නේ දානේ ගැන කියවෙන ලස්සන ධර්ම දේශණයක් කියලා දෙන්න. සේරී කියන දිව්‍ය පුත්‍රයාට වදාල දෙසුම. සේරී සූත්‍රය අන්තර්ගත වන්නේ සංයුත්ත නිකායේ පළවෙනි පොත් වහන්සේගේ. සැවැත්නුවර ජේතවනාරාමයේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කොට හාත්පස බබුළුවාගෙන දිව්‍ය පුත්‍රයෙක් පැමිණෙනවා. පැමිණිලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරනවා. වන්දනා කරපු මේ දිව්‍ය පුත්‍රයා එකත්පස්ව සිට ගන්නවා. මේ දිව්‍ය පුත්‍රයා බුදුරජාණන් වහන්සේට ගාථාවකින් මෙන්න මෙහෙම පැවසුවා. දෙවියොත් මනුස්සයොත් කියන දෙපිරිසම ආහාරයමයි පතන්නේ. යමෙක් ඒ ආහාර සතුටින් පිළිගන්නේ නැත්නම් එයා කොයි විදියේ කෙනෙක්ද කියලා බුදුරජාණන් වහන්සේගෙන් මේ දිව්‍ය පුත්‍රයා ඇහුවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම දේශණා කරනවා, යම් කෙනෙක් ශ්‍රද්ධාවෙන් පහන් වූ සිතින් ආහාර පාන දන් දුන්නොත් මෙලොව පරලොව දෙකේදීම ඒ පුද්ගලයාට ආහාර ලැබෙනවා කියනවා. කන්න දීලා නැති නිසාද ආහාර පාන ලැබෙන්නේ නැත්නම් හේතුව. ඇයි අපි බඩගින්නේ? ඇයි අපිට කන්න නැත්තේ? දාන දීලේ නෑ. ලැබෙන්ට ඕන නම් කැදට තියෙන හාල් ටික හරි කොටලා, කැඳ ටිකක් හරි හදලා බුදුන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝයාට පූජා කරන්න. ජීවිතේ ගියත් දානේ දෙනවා කියලා දානේ දෙන්න. ඇයි ඒ? කොහොමත් ඔය කැද බිව්වත් නැතත් අන්තිමේ කැදේ නිසා ඔබ මැරෙනවා නැද්ද? මැරෙනවා. කැද ටික බිව්වොත් මළ මිණියත් එක්කම කැඳ වැළලෙනවා. කැඳ ටික දානයක් විදියට පූජා කළොත් මළ මිනිය වැළ ලුනාට ඒ කැඳ පූජා කරපු පිනෙන් රැස් වුන පින මේ ලෝකේ හැර දාලා යද්දි හෙවනැල්ල වගේ පසුපස්සෙන් ආයූෂ, වර්ණ, සැප, බල ලබලා දෙන පිනක් හැටියට ඔබ පස්සෙන් එනවා.

වස්සාන ධර්ම දේශනා මුල් පිටුවට

පහන් සිතින් දන් දුන්නොත්? | වස්සානයෙන් ඇරඹි ධර්ම දේශනා අනුරාධපුර 36

Leave A Comment