රැස් කළ යුතු ශ්‍රේෂ්ඨම ධනය | වස්සානයෙන් ඇරඹි ධර්ම දේශනා අනුරාධපුර 35 2017-11-09T17:07:00+00:00

Project Description

රැස් කළ යුතු ශ්‍රේෂ්ඨම ධනය | වස්සානයෙන් ඇරඹි ධර්ම දේශනා අනුරාධපුර 35

ශ්‍රද්ධාවන්ත පින්වත්නි,

අද අපි ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන සූත්‍ර දේශනාව තමයි විත්ත සූත්‍රය. ඒ කියන්නේ ධනය ගැන වදාළ දෙසුම. බුදුරජාණන් වහන්සේව මුණ ගැහෙන්න එන දිව්‍ය පුත්‍රයෙක් අහපු ප්‍රශ්ණ කිහිපයකට බුදුරජාණන් වහන්සේ දෙන ලද පිළිතුරු ඇසුරු කරගෙනයි අපි ඔබට ධර්ම දේශණාව කරන්න බලපොරොත්තු වෙන්නේ. බුදුරජාණන් වහන්සේ ලගට දිව්‍ය පුත්‍රයෙක් හාත්පස පරිසරයම බබුළුවාගෙන පැමිණෙනවා. පැමිණිලා බුදුරජාණන් වහන්සේට සකසලා වන්දනා කරනවා. වන්දනා කරන මේ දිව්‍ය පුත්‍රයා පසෙකින් හිට ගන්නවා. හිටගෙන බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්ණ හතරක් අහනනවා. හරි ලස්සන ප්‍රශ්ණ හතරක්. හරි අර්ථවත් ප්‍රශ්න හතරක්. හරිහ ගාම්භීර ප්‍රශ්ණ හතරක්. පැටලිලි නැති, සෘඡු ප්‍රශ්ණ හරතක්. අවබෝධයෙන්ම අහපු ප්‍රශ්ණ හතරක්. බුදුරජාණන් වහන්සේත් අහපු ප්‍රශ්න වලට ගාම්භීර උත්තරයක් ලබා දෙනවා. පැටලිලි නැති උත්තරයක් ලබා දෙනවා. කෙළින්ම උත්තරේ කියලා දෙනවා. දිව්‍ය පුත්‍රයා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, ස්වාමීණී භාග්‍යවතුන් වහන්ස මෙලොව වාසය කරන සත්වයාට තියෙන ශ්‍රේෂ්ඨම ධනය කුමක්ද කියලා ඇහුවා. ඊලගට අහනවා ස්වාමීනී සුගතයන් වහන්ස මේ ලෝකේ ජීවත්වෙන සත්වයා කුමක් පුරුදු කළොත්ද සැප ලැබෙන්නේ කියලා. ඊලගට දිව්‍ය පුත්‍රයා අහනවා, ස්වාමීණී තුන් ලොවක් සනසා වදාළ නිදුකාණන් වහන්ස ලෝකයේ රසවත් දේ අතර වඩාත්ම රසවත් දෙය කුමක්ද කියලා.

ඒ වගේම දිව්‍ය පුත්‍රයා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීණී සුගතයන් වහන්ස කොහොම ගත කරන ජීවිතයද ශේෂ්ඨ එකක් වෙන්නේ කියලා. අපිට වඩා සෑහෙන වෙනස් දෙවිවරු කෙළින්ම ලස්සන ගාම්භීර ප්‍රශ්ණ අහනවා. බුදුරජාණන් වහන්සේ දිව්‍ය පුත්‍රයාට ලස්සනට මේක කියලා දෙනවා. බුදුරජාණන් වහන්සේ දේශණා කරනවා මෙලොව සත්වයාට තියෙන ශ්‍රේෂ්ඨම ධනය තමයි ශ්‍රද්ධාව. වෙන කිසිය ධනයකට වඩා ශ්‍රේෂ්ඨ වෙන්නේ ශ්‍රද්ධාව. අපි හිතමුකෝ කෙනෙක් උපන්දා ඉදල මැරෙනකම් හරි හම්බ කරනවා. හරි හම්බ කරපු සියලු වස්තුව එකතු කරලා මැරෙන කොට අපිට කාටහරි මේටික දීලා මාව දෙව්ලොව උපද්දන්ට මගේ රූපය මෙහෙම කරලා දෙන්න කියලා ඉල්ලන්න පුලුවන්ද? එහෙම කරාට ලැබෙනවද? නෑ. සල්ලිවලට නිවන මිලදී ගන්න පුලුවන්ද? බෑ. දෙව් ලොව සැප, බඹ ලොව සැප සල්ලි වලට ගන්න බෑ. සෝතාපන්නා වීම, සකෘදාගාමී වීම, අනාගාමී වීම, මහ රහත් බව මුතු මැණික් වලට ගනුදෙනු කරන්ට බෑ. සියලු ධනය එකතු කරලා තුන් ලෝකයේම ධනය පූජා කරත් අපිට දෙව් ලොව යන්න පුලුවන්ද කියලා ඇහුවොත් උත්තරේ? සියලු ධනය දීලා දෙව්ලොව යන්න බෑ.

වස්සාන ධර්ම දේශනා මුල් පිටුවට

රැස් කළ යුතු ශ්‍රේෂ්ඨම ධනය | වස්සානයෙන් ඇරඹි ධර්ම දේශනා අනුරාධපුර 35

Leave A Comment