ශ්‍රද්ධා රූපවාහිනී

දායකත්ව ධර්ම දේශනා

සියලු දාන අතරින් අග්‍රතම දානය වූ ධර්ම දානය උදෙසා ඔබටත් දායකත්වය ලබා ගත හැකිය. ශ්‍රද්ධා රූපවාහිනියෙන් විකාශනය වන සියලු ධර්ම දේශණා පිළිබඳ ‌තොරතුරු පහත විස්තර කර ඇත.

පින්වත් ඔබටත් ඔබ කැමති ධර්ම දේශනාවක් සඳහා දායකත්වය ලබා ගත හැකිය.

''සබ්බ දානං ධම්ම දානං ජිනාති''

දාන සීල භාවනා

වස්සාන සදහම් දේශනා මාලාව

හරියටම පින ගැන දැනගමු
මේ වස්‍සාන කාලයේ, නිවනට මග පෑදෙන විදිහට
පින් රැස්කරගන්න ඕන විදිහ හරියටම පැහැදිලි කර ගමු

දාන සීල භාවනා
විශේෂ වස්‍සාන සදහම් දේශනා මාලාව

ජූලි 30 වෙනිදායින් එළඹෙන වස් තුන් මාසයේ
සෑම සතියේ දිනකම
ප.ව. 5:00 ට ශ්‍රද්ධා රූපවාහිනියේ සහ
පසුව යෙදෙන සතියේ දිනයේ
ප.ව. 2:00ට ලක්විරු ගුවන්විදුලිය ඔස්සේ

සෑම සතියේ දිනකම 
සවස 5.00 සිට 6.00 දක්වා

දායකත්වය පහතින් වෙන් කරවා ගත හැකිය.

සුපින්බර හිමිදිරිය

අලුත්  දවසක් ආරම්භ වෙන හිමිදිරියේ ම ඔබේ සිතට එක්කර ගැනීමට සුන්දර  සිතුවිල්ලක් කියාදෙන අරුණෝදයේ සදහම් සිතුවිල්ල දේශනා මාලාව 

සෑම සතියේ දිනකම උදෑසන
5.30  සිට 6.00 දක්වා

දායකත්වය පහතින් වෙන් කරවා ගත හැකිය.

සදහම් ආලෝකය

අවිදු අඳුරෙන් වැසුණු, දහසකුත් දුක්ගිනි වලින් මේ භයානක සංසාරයේ වල්මත් වූ අපට එකම ආලෝකය ශ්‍රී සද්ධර්මයයි… ඒ සදහම් ආලෝකය අප හැමගේ ජීවිතයට තව තවත් සමීප කරවන සොඳුරු සදහම් දේශනා මාලාව

සෑම සතියේ දිනකම උදෑසන
9.00  සිට 10.00 දක්වා

දායකත්වය පහතින් වෙන් කරවා ගත හැකිය.

Be an Island to Yourself

Living beings travel in this long journey of birth and death. One of the most precious things they receive is a human life.
The best use of that opportunity would be to make it more precious by taking the Buddha’s advice to heart and by doing acts of merit that make you an island to yourself.

Brought to you by Shraddha TV every weekday at 🕦 11:30 AM

දායකත්වය පහතින් වෙන් කරවා ගත හැකිය.

ශ්‍රද්ධා රූපවාහිනී

යොවුන් දහම් වැඩසටහන

විටෙක දී සිනාසෙන, විටෙක දී අඬන, තවත් විටෙක දී කරකියාගත හැකි දෙයක් නොමැතිව අනේකවිද හැල හැප්පීම් මත වේලී, ඉරිතැලී ගිය තරුණ හදවත් දහමින් සුපෝෂිත කරන්නට “යොවුන් දහම් වැඩසටහන” සදහම් පිළිසඳර.

සෑම සෙනසුරාදා දිනකම 
දහවල් 1.00 සිට 3.00 දක්වා

ස්වාක්ඛාත

භාග්‍යවතුන් වහන්සේ විසින් මනා කොට දේශනා කරන ලද නිර්මල දහම් පද කන් යොමා අසන්නට, ස්වාක්ඛාත ධර්ම දේශනා මාලාව 

සෑම සතියේ දිනකම දහවල් 
1.00 සිට 2.00 දක්වා

දායකත්වය පහතින් වෙන් කරවා ගත හැකිය.

පභාසකර

තථාගත බුදුරජාණන් වහන්සේගේ අනන්ත බුදුගුණ සිහිකරමින් නුවණින් ලොව එළිය කරනා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී නාමයට උපහාර පිණිස සිදු කරන පභාසකර සදහම් දේශනා මාලාව..

සෑම සතියේ දිනකම සවස
2.00 සිට 3.00 දක්වා

දායකත්වය පහතින් වෙන් කරවා ගත හැකිය.

අනඳ මහ තෙරණුවෝ

සම්බුදු සුවඳේ පහස ලද අපගේ ආනන්ද මහරහත් මුනිඳුන්ගේ ගුණම ඇසෙන පින්බර හෝරාව…
ශ්රී ආනන්ද මහා සෑ රජාණන් වහන්සේ ඇතුළු මහා විහාරය සම්බුද්ධ ශාසනයට පූජා කිරීම උදෙසා ඉදිවෙමින් පවතින මේ කාලවකවානුව තුළ, ආනන්ද මහරහතන් වහන්සේගේ ගුණම හදවතේ රඳවා ගනිමින් බුදු ගුණ, දහම් ගුණ, සඟ ගුණ අසා සිත පහදවා ගන්න…

සෑම දිනකම සවස
3.00 සිට 4.00 දක්වා

දායකත්වය පහතින් වෙන් කරවා ගත හැකිය.

සම්පසාදිනී

අප සුගත මුනිරජුන් වදහළ අමෘත වූ ශ්‍රී සද්ධර්මය ඉතා මැනවින් පහදා දෙමින් සූත්‍ර පිටකයේ අන්තර්ගත උතුම් සූත්‍ර දේශනා ඇසුරෙන් සිදුකරනු ලබන සම්පසාදිනී ධර්ම දේශනා මාලාව

සෑම දිනකම සවස
4.00 සිට 5.00 දක්වා.

දායකත්වය පහතින් වෙන් කරවා ගත හැකිය.

අසිරිමත් මුනි වදන් නිධානය

 
“අසිරිමත් මුනි වදන් නිදානය” විශේෂ සදහම් දේශනා මාලාව

සෑම දිනකම රාත්‍රී
7.00 සිට 8.00 දක්වා.

දායකත්වය පහතින් වෙන් කරවා ගත හැකිය.

අසිරිමත් දම්සක

යහපත උදා කරවන, විමුක්ති රසය ලබා දෙන මහා සාගරය බ‍ඳු වූ සොඳුරු දහම මනා කොට විස්තර කරමින් සිදු කරනු ලබන ධර්ම දේශනා මාලාව

සෑම සතියේ දිනකම රාත්‍රී
8.00 සිට 9.00 දක්වා.

දායකත්වය පහතින් වෙන් කරවා ගත හැකිය.

පොහොය සජීව විකාශය

පොහෝ දින සිදු කරන සියලු ධර්ම දේශනා සහ සදහම් වැඩසටහන් වෙනුවෙන් දායකත්වය ලබා ගැනිම හා අනෙකුත් තොරතුරු සඳහා පහත සබැඳියෙන් පිවිසෙන්න.

සෑම පොහොය දිනකම

අරුණෝදයේ සදහම් සිතුවිල්ල

අලුත්  දවසක් ආරම්භ වෙන හිමිදිරියේ ම ඔබේ සිතට එක්කර ගැනීමට සුන්දර  සිතුවිල්ලක් කියාදෙන අරුණෝදයේ සදහම් සිතුවිල්ල දේශනා මාලාව 

සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනකම උදෑසන 5.30  සිට 6.00 දක්වා

දායකත්වය පහතින් වෙන් කරවා ගත හැකිය.

නුවණැස පාදන සිරිසදහම්

බුදුරජාණන් වහන්සේ වදාළ අකාලික වූ ශ්රී සද්ධර්මය නිරවුල්ව සහ සරලව ඉගෙන ගන්නට කැමති ඔබ වෙනුවෙන්ම වෙන්වූ සුවිශේෂී සදහම් දේශනා මාලාව…

සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනකම පස්වරු 3:00 සිට..

දායකත්වය පහතින් වෙන් කරවා ගත හැකිය.

දම්සභා මණ්ඩපය

උතුම් දහම් පද ශ්‍රවණය කරමින්, ධර්මානුකූලව ඔබේ ජීවිතයේ ඇති විවිධ ගැටළු වලට විසඳුම් ලබා දී ඔබේ සිත සුවපත් කරවන්නට, පිනෙන් පුරවන්නට  දම් සභා මණ්ඩපය.‍

සෑම ඉරිදා දිනකම රාත්‍රී
7.00 සිට 9.00 දක්වා.

දායකත්වය පහතින් වෙන් කරවා ගත හැකිය.

පට්ච්චසමුප්පාද විග්‍රහය

භාග්‍යවතුන් වහන්සේ විසින් මනා කොට අවබෝධ කොට වඳාළ විස්මිත, උදාර ශ්‍රී සද්ධර්මය අපගේ ජීවිත ව‍ලට සමීප කරගන්නට උපකාර කරනා පින්වන්ත හෝරාව

සෑම ඉරිදා දිනකම උදෑසන
8.00 සිට 9.00 දක්වා

දායකත්වය පහතින් වෙන් කරවා ගත හැකිය.

සසරක ගමන නවතන නුවණ

ජීවිතයේ කටුක තැන් නුවණින් විමසා බලා සසරක ගමන නවතාලීමට නිවැරදි දහම් මඟ තුළ සැරිසරනා අපහට දහම් මාර්ගයේ ඇසෙන සදහම් පද තුළින් ජීවිතය හැඩගස්වා ගැනීමට කැමති ශ්‍රාවක, ශ්‍රාවිකාවන් හට පිදෙන “සසරක ගමන නවතන නුවණ” ධර්ම දේශනා මාලාව.

සෑම ඉරිදා දිනකම සවස
1.00 සිට 2.30 දක්වා

දායකත්වය පහතින් වෙන් කරවා ගත හැකිය.

බෝධි වන්දනාව

උතුම් විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝ රජාණන් වහන්සේ සකසා වන්දනා කරන්නට, සිත් සුවපත් කරගන්නට සෑම සෙනසුරාදා දිනකම සවස 5.30 ට සිරි ගෞතම බෝධි වන්දනාව

සෑම සෙනසුරාදා දිනකම
සවස 5.30 ට

දායකත්වය පහතින් වෙන් කරවා ගත හැකිය.

නිතර අසන ප්‍රශ්න ( FAQ )

දේශනා මාලාවක් සකස් කිරීමේදී ඒ සදහා උචිත වන පරිදී ස්වාමීන්වහන්සේලාට ආරාධනා කරනු ලැබේ ඒ නිසා ඒ ඒ දේශනා සිදු කරන්නේ තෝරාගත් ස්වාමීන්වහන්සේලාගේ වැඩමවීමෙනි. එම නිසා
ස්වාමීන්වහන්සේලා තෝරා ගැනීම අපහසු වේ.

එක් වතාවක් රූපවාහිනියේ ප්‍රචාරය වෙි , ඔබගේ දායකත්වය රූපවාහිනිය සහ ගුවන්විදුලිය යන දෙකටම සම්බන්ද නම් එම මාධ්‍යන් දෙකෙහිම ප්‍රචාරය වේ. ඊට අමතරව Video දේශනා අන්තර්ජාලයට
යොමු කරනු ලැබේ ( යොමු කළ සැනින් ඔබව දැනුවත් කරනු ලැබේ )

ස්වාමින් වහන්සේලා හමුවීමට ලඟම ඇති අසපුව හා සම්බන්ධ වන්න.අසපු වලට අදාල විස්තර දැනගැනීමට මෙම සබැඳියෙන් https://mahamevnawa.lk/mahamevnawa-local-branches/ පිවිසෙන්න.

නිවසක හෝ ආයතනයක දේශනාවක් සිදු කරන්නේ නම් ළඟම ඇති අසපුව හා සම්බන්ධ වී ධර්ම දේශනාවකට ස්වාමින් වහන්සේ නමකට ආරාධනා කොට එම දේශනාව ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ විකාශය කරගැනීමට අවශ්‍යය නම් ස්වාමින් වහන්සේව දැනුවත් කර විස්තර ලබා ගන්න.

පිටරට සිටින අයෙකුට ධර්ම දේශනා ශ්‍රවණය කිරීම සඳහා අපගේ  Shraddha Tv Live / Shraddha tv Daily සහ Shraddha TV Dhamma Series යන Youtube නාලිකා හා සම්බන්ධ වන්න.

 

ශ්‍රද්ධා මාධ්‍ය ජාලය උතුම් ධර්මය දායාද කරමින් මේ දක්වා රැස් කළ සියලු පුණ්‍ය ධර්මයෝ
අනුමෝදන් වේවා !!!

“දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා අට්ඨංගමග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූති”

“දසබලයන් වහන්සේ නැමති ශෛලමය පර්වතයෙන් පැන නැගී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි,
උතුම් ශ්‍රී මුඛ බුද්ධවචන ගංඟාව ~ ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින් ~ බොහෝ කල් ගලා බස්නා සේක්වා! “

Shraddha TV, No:369, Rajasinghe Mawatha, Hewagama, Kaduwela (10640), Sri Lanka | Tp: +94 112 571 471 | Fax: +94 112 548400 | Email: info@shraddha.lk