fbpx

මහමෙව්නාව ගිලන් භික්ෂු රෝහල ඉදිකිරීම

අපගේ භාග්‍යවතුන් වහන්සේ වදාළ බුද්ධ උපස්ථානය නම් වූ ගිලාන උපස්ථානයේත් අග්‍රතම පුණ්‍ය අස්වනු නෙලන්නට සැදැහැති ඔබත් අප හා එක්වන්න.

කෝටි ගණන් ජනතාව අතර ගිහි දිවියට සමු දී බ්‍රමචාරී දිවියක් ගෙවමින් තම සිත සුරකිනා සේම, අන් සිත් සනසනු පිණිස සිය දිවිය කැප කරන පරාර්ථකාමීත්වයේ කැඩපතක් බඳු ආර්‍ය මහා සංඝරත්නය උදෙසා අපට හැකි උපරිම අයුරින්, ගිලාන උපස්ථානය සිදු කිරීම, ගිහි ශ්‍රාවක දරුවන් ලෙස අපගේ පරම යුතුකමකි, කෘතගුණ සැලකීමකි.

නිහඩ නිසංසල පරිසරයක් තුළ කායික ප්‍රතිකාර ලබමින් තවන් වහන්සේලා පුරුදු කරගත් මානසික සුවය පිරිහී යා නොදී තව තවත් චිත්ත දියුණුව ලබා, ගෞතම බුදු සසුනේ පිළිසරණ ලැබීමට අතිශය උචිත අයුරින් නිමවන කළුතර මහමෙව්නාව ගිලන් භික්ෂු රෝහල තැනවීමේ මාහැඟි පුණ්‍ය කර්තව්‍යට දැන් පින්වත් ඔබටත් දායකත්වය දැක්විය හැකිය.

අපගේ භාග්‍යවතුන් වහන්සේ වදාළ බුද්ධ උපස්ථානය නම් වූ ගිලාන උපස්ථානයේත් අග්‍රතම පුණ්‍ය අස්වනු නෙලන්නට සැදැහැති ඔබත් අප හා එක්වන්න. 

දැන් ඔබටත් ගිලන් කුටියක දායකත්වය ලබා ගත හැකිය.

ඔබගේ මූල්‍යමය ආධාර පහත සඳහන් බැංකු ගිණුමට බැර කිරීමෙන් හෝ කඩුවෙල මහමෙව්නාව භාවනා අසපුවට හෝ පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපු මූලස්ථානයට පැමිණ භාරදීමෙන් හෝ දායක විය හැකිය.

හැටන් නැෂනල් බැංකු විස්තර පහතින්

ගිණුමේ නම

ගිලන් භික්ෂු අරමුදල

ගිණුම් අංකය

1380 200 32 999

බැංකුව

හැටන් නැෂනල් බැංකුව

ශාඛාව

කැලණිය

මහජන බැංකුව විස්තර පහතින්

ගිණුමේ නම

ගිලන් භික්ෂු අරමුදල

ගිණුම් අංකය

196 2 0018 0032544

බැංකුව

මහජන බැංකුව

ශාඛාව

කඩුවෙල

මුදල් බැර කිරීමෙන් පසුව බැංකු රිසිට් පතෙහි ජායාපිටපතක්
පහත ලිපිනයට එවන්න

මහමෙව්නාව ගිලන් භික්ෂු අරමුදල
ශ්‍රද්ධා රූපවාහිනිය,
හේවාගම,
කඩුවෙල.

සියලුම විමසීම් සඳහා පහතින් සම්බන්ධ වන්න.

“දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා අට්ඨංගමග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූති”

“දසබලයන් වහන්සේ නැමති ශෛලමය පර්වතයෙන් පැන නැගී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි,
උතුම් ශ්‍රී මුඛ බුද්ධවචන ගංඟාව ~ ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින් ~ බොහෝ කල් ගලා බස්නා සේක්වා! “

Shraddha TV, No:369, Rajasinghe Mawatha, Hewagama, Kaduwela (10640), Sri Lanka | Tp: +94 112 571 471 | Fax: +94 112 548400 | Email: info@shraddha.lk