fbpx

ශ්‍රී ගෞතම සාරිපුත්ත මහා සෑ රජාණන්වහන්සේ  

“අපිචා’පි පංසුථූපේසු – උද්දිස්ස දසබලධරානං       
තත්ථපි කාරං කත්වා – සග්ගේසු නරා පමෝදන්ති”

” දසබලධාරී බුදුවරයන් වහන්සේලා උදෙසා උන්වහන්සේලාගේ ධාතු තැන්පත්කොට කරන ලද
මැටි ස්ථූපයන්ට නමුත් පූජා සත්කාර කළ මිනිස්සු දෙව්ලොව ඉපදී සතුටු වෙති”

ලොවෙහි යම් තාක් පිරිස් ඇතිද ඒ පිරිස් අතර බුදු පිරිස වනාහී උත්තරීතර වන්නේය. ඒ බුදු පිරිස අතරේත් ප්‍රඥාවෙන් අග්‍රේෂ්වර වූ, ඒ ගෞතම අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ඖරස පුත්‍ර වූ සාරිපුත්ත මහා රහතන් වහන්සේගේ නාමයෙන් ගොඩනැගෙනා ප්‍රඥාවේ මහා සෑය

ශ්‍රී ගෞතම සාරිපුත්ත මහා සෑ රජාණන්වහන්සේ…

කළගුණ දන්නා උතුමන්ගේ සෑයයි මේ ගොඩනැගෙන්නේ…භාග්‍යයවතුන් වහන්සේගේ මුව මඩලින් සත්පුරුෂ ප්‍රශංසා ලද සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ශ්‍රී නාමය උදෙසා ගොඩනැගෙන ශ්‍රී ගෞතම සාරිපුත්ත  සෑ රජාණන් වහන්සේ ඉදිකිරීම පිණිස
පිංවත් ඔබටද දායක විය හැකිය…

සෑම දිනකම ශ්‍රමදාන පිංකම් පැවැත්වෙන බැවින්
පිං කැමැති ඔබත් පැමිණෙන්න…

ඒ උතුම් ශ්‍රී නාමය උදෙසා තැනෙන මේ මහ සෑ රජාණන් වහන්සේ වෙනුවෙන් බුද්ධ උපස්ථාන සංඝ උපස්ථාන සිදු කර පින් රැස් කරගන්න.

ඔබටත් හැකි අයුරින් දායක වී මේ දුර්ලභ පින්කමේ පුණ්‍යවන්ත කොටස්කරුවෙකු බවට පත්විය හැකිය, සියළු ගිණුම් තොරතුරු පහත දක්වා ඇත.

ගිණුමේ නම

චෛත්‍ය අරමුදල

ගිණුම් අංකය

109861005931

බැංකුව

සම්පත් බැංකුව

ශාඛාව

ජා ඇල

සියලුම විමසීම් සඳහා පහතින් සම්බන්ධ වන්න.

“දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා අට්ඨංගමග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූති”

“දසබලයන් වහන්සේ නැමති ශෛලමය පර්වතයෙන් පැන නැගී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි,
උතුම් ශ්‍රී මුඛ බුද්ධවචන ගංඟාව ~ ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින් ~ බොහෝ කල් ගලා බස්නා සේක්වා! “

Shraddha TV, No:369, Rajasinghe Mawatha, Hewagama, Kaduwela (10640), Sri Lanka | Tp: +94 112 571 471 | Fax: +94 112 548400 | Email: info@shraddha.lk